බීර මිල අඩු කිරීමේ තීරණය ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී කරුණු කියයි

2017-11-23 07:06:00       610
feature-top
බීර මිල අඩු කිරිමට අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාව ඉදිරියේදී වෙනස් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

බීරවල මිල අඩු කළ ද ලොව කිිසිදු රටක සැර මත්පැන් භාවිතය අඩුවී නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

බීර මිල අඩු කිරීමත් සමග වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණයින් ඒ සඳහා යොමුවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »