ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඒකාබද්ධය සමග එකතු වෙනවාද නැද්ද? ශ්‍රීලනිපයේ තීන්දුව අද

2017-11-22 02:09:00       326
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක්ද අද (22) රාත්‍රී 7.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවෙසේ දී පැවැත් වීමට නියමිතය.
එහිදී පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටලු පිළිබඳව මෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජණය කරන ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එක්වීම සම්බන්ධයෙන් ද  දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නම්, එකඟවිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව මීට පෙර ලිපියක් මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් දුමින්ද දිසානායකට ඉදිරිපත් කර තිබිණි.
එම ලිපිය අද (21) රැස්වන මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එහි සඳහන් කර ඇති මූලික කරුණුවලට විසඳුමක් නොලැබෙන්නේ නම්, එක්වීමක් පිළිබඳ සිතිය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී ඇත.
එම නිසා මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු මාධ්‍යට පවසා තිබේ.


(under the courtesy of hitnews.lk news web)

More News »