හැමදාම නාන ඇළේ ගිලී ගොවියා නසී - මරණය අභිරහසක්

2017-11-22 11:50:00       681
feature-top
දැදුරුඔය ජලාශයෙන් ඉඟිණිමිටියට ජලය සැපයෙන දකුණු ඇළේ ගිලීමෙන් පනස් හතර හැවිරිදි එක්දරු පියෙක් මරණයට පත්වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වාසිවැව පදිංචි ජේ. එම්. ජයසේන නැමති අයෙක් වන අතර ඔහු වෘත්තියෙන් ගොවියෙකි.

මෙම පුද්ගලයා කුඹුරු වැඩ අවසන්ව සෑම දිනකම මෙම ඇළෙන් දිය නාන බවත් ඊයේ 21 දින ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වූ බැවින් පොලිසියට ද දන්වා සොයා බැලීම් සිදු කල බවත් අසල්වැසියන් ප්‍රකාශ කරයි.

 එලෙස පරීක්ෂා කරන විට වෙනදා දිය නාන තැනට මීටර් පනහක් පමණ පහළින් රැඳී තිබූ මළ සිරුර හමුවී ඇත.

දේහය මේ වනවිට නිකවැරටිය මූලික රෝහලේ තිබෙන අතර අද (22) දින මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

නිකවැරටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »