"ඇලෝසියස්ගේ දුරකතන සංවාද වහාම විමර්ශනයට ලක් කළ යුතුයි"- සුනිල් හඳුන්නෙත්ති

2017-11-22 09:58:00       680
feature-top
කෝප් කමිටු සාමාජිකයන්ට අර්ජුන් ඇලෝසියස් ලබාදුන් දුරකතන ඇමතුම් සංඛ්‍යාව ගණනය කරමින් නොසිට එම සංවාද මොනවාදැයි වහාම විමර්ශනයට ලක් කළ යුතු බව කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් තම කමිටු සාමාජිකයන්ට දුරකතන ඇමතුම් දුන් බවට තමා දැනුවත් කළා නම්, ඒ ගැන පාර්ලිමේන්තුවේදී කතා කිරීමට ඉඩ තිබූ බවත්, චුදිතයන් සමඟ ගනුදෙනු කළ අයවලුන් ආරක්ෂා කිරීමට තමාට කිසිසේත්ම අවශ්‍ය නොමැති බවත් මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

එසේ නොමැතිව දුරකතන ඇමතුම් ගණන පමණක් හෙළිදරව් කර සිටීමෙන් කාරණය යටපත් වීමට ඉඩ ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

තමා කෝප් කමිටු සභාපති ලෙස බැඳී සිටින්නේ හොරු සමඟ දීග කෑමට නොවන බවත් එකී වංචාවට අදාළ සියලු පාර්ශ්වවලට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.


(under the courtesy of hitnews.lk news web)

More News »