රටේ බියර් මිල අඩු කිරීමේ සිද්ධිය ගැන මල්වතු මහනායක හිමියන් කරුණු කියයි

2017-11-22 09:00:00       682
feature-top
2018 අයවැය යෝජනාවක් අනුව රටේ බියර් මිල අඩු කිරීමට අදාළ කරුණු පිළිබඳව පසුගියදා සඳහන් කෙරුණා. 

මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වන මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුංමගල නාහිමියන් පෙන්වා දෙන්නේ බියර් පමණක් නොව සියලූම මත්පැන් ශ‍්‍රී ලංකාවෙන් තුරන් කළ යුතු බවයි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සහ ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි මේ බව පවසා සිටියා.

ඔවුන් මහනාහිමියන්ගෙන් ඉල්ලා සිටියේ බියර් මිල අඩුකිරීම හේතුවෙන් වන හානියෙන් රට බේරා ගැනීමට මැදිහත් වන ලෙසයි.

වැරදි වාර්තා පදනම් කරගනිමින් ජනතාව නොමග හැර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ මෙම ගැටලූව පිළිබඳ ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසයි.

(under the courtesy of nethnews.lk news web)




More News »