පුරප්පාඩු වූ සිම්බාබ්වේ ජනපති ධූරයට හිටපු උපජනාධිපතිවරයා පත් කිරීමේ තීරණයක්

2017-11-22 08:49:00       676
feature-top
රොබට් මුගාබේගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සිම්බාබ්වේ ජනපති ධූරයට හිටපු උපජනාධිපති එමසන් නැන්ගග්වා පත් කිරීමට නියමිතව තිබේ.

වසර 37ක සිය ධූර කාලය නිමා කරමින් සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධූරයෙන් ඉල්ලා අස් විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීම හමුවේ පාර්ලිමේන්තු සාමාජිකයින් මෙන් ම ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගමින් එම අවස්ථාව සැමරූ බවයි.

මුගාබේ එරට පාර්ලිමේන්තුවට එවනු ලැබූ ලිපියක් කථානායකවරයා විසින් කියවනු ලැබූ අතර එහි සඳහන් වුයේ, අර්බුධයකින් තොරව බලය පවරාදීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බව ය.

මේ හමුවේ රොබට් මුගාබේට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඉවත් කරගෙන තිබේ.

තමාගෙන් පසුව බිරිඳ ග්‍රේස් මුගාබේ ජනාධිපති ධූරයට පත් කිරීමේ අරමුණ ඇති ව සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ එරට උපජනාධිපති එමර්සන් නන්ගග්වා ධූරයෙන් ඉවත් කළේ මේ මස මුල් භාගයේදී ය.

ඉන් කුපිත වූ සිම්බාබ්වේ හමුදා නායකත්වය ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියට ගනු ලැබුවේ ය.

මේ වනවිට වයස 93 හැවිරිදි රොබට් මුගාබේ ධූරයෙන් ඉවත්වන තෙක් සැලකුනේ ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙසයි.

ඉකුත් සතියේ හමුදා කුමන්ත්‍රණයට ලක් ව ජනතා විරෝධතා එල්ල වුවත් මීට පෙර ඔහු ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළේ ය.


(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »