මාගම්පුර වරායේ සේවකයන්ගේ දෙමව්පියන් විරෝධතාවක

2017-11-21 05:23:00       681
feature-top
හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන්ගේ දෙමව්පියන් අද (21) විරෝධතාවක නිරත වුණා.

ඒ මාගම්පුර වරායේ පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදීයි.

තම දරුවන්ට වරාය අධිකාරියේ රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

වරාය චීන සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයත් සමග 450ක් වූ සේවක සේවිකාවන්ගේ රැකියාවලට අත්වන ඉරණම පිළිබඳ බලධාරීන් නිසි පිළිතුරක් ලබාදී නොමැති බව ද ඔවුන් චෝදනා කරනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »