උඩරට සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

2017-11-21 05:16:00       682
feature-top
දුම්රියක් පීලිපැනිම හේතුවෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල හා හැටන් අතරදී අද පෙරවරුවේ පීලි පැනිමකට ලක් වූ බව ය.

මේ අතර ගසක අත්තක් කඩා වැටිමෙන් අඩාල වූ කැලණිවැලි මාර්ගයේ ධාවන කටයුතු ද මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »