පාසල් සිසුන් අතරේ මත් පෙති බෙදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

2017-11-21 05:15:00       685
feature-top
පාසල් සිසුන් අතරේ මත් පෙති වර්ගයක් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු මාදම්පේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු විසින්  හලාවත, මාරවිල, මාදම්පේ යන ප්‍රදේශ වල පාසල් සිසුන් සඳහා මෙලෙස මත් පෙති බෙදා ඇත.

මාදම්පේ පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව උපාය දූතයෙකු ලවා මෙම සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහු ළඟ මෙම මත්පෙති 2500 පමණ තිබූ බව අනාවරණය වී ඇත.

ඔහු ඉන් එක් පෙත්තක් රුපියල් 300/- ක් බවද පවසා තිබේ.

මෙය විවිධ රෝගාබාධ සඳහා දෙනු ලබන තීව්‍රර වේදනා නාශක ඖෂධයක් බවත් ඒවා වැඩි මාත්‍රාවකින් ගැනීමේ දී මත් ස්වභාවයක් සහ සිහි විකල බවක් දැනෙන බවක් පැවසේ.

(under the courtesy of hitnews.lk news web)

More News »