ලංකාව ඇතුළු රටවල් 11කට මහා භූමිකම්පාවක් ?
2017-11-21 05:03:00  ★ 684

ඉන්දියන් සාගරයේ පිහිටි ලංකාව ඇතුළු රටවල් 11කට බලපාන පරිදි මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා ට පෙර දරුණු බූමි කම්පාවක් ඇතිවන බවට ඉන්දීය භූ පර්යේෂණ ආයතනයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලබාදී ඇතැයි ඉන්දීය මාධ්‍යවල දැක්වේ.
එම භූමි කම්පාවෙන් ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය, පාක්සිතානය, චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, තායිලන්තය හා ගල්ෆ් කලාපයේ රටවලට දැඩි බලපෑම් ඇතිවන බවද එහි දැක්වේ.
මෙම භූමි කම්පාවෙන් මෙම රටවල වෙරළ කලාපයට දැඩි බලපෑම් ඇතිවනු ඇතැයිද වාර්තා කර තිබේ.
කතාව පිළිගන්න බෑ - මහාචාර්ය සී.බී. දිසානායක
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් හන්තාන මූලික අධ්‍යන ආයතනයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සී.බී. දිසානායක මහතා කියා සිටින්නේ සීමිත කාල සීමාවක් තුළ භූමිකම්පාවක් සිදුවේ යැයි ප්‍රකාශ කිරීම අසීරු කටයුත්තක් බවයි.
අනාවැකි පලකළ හැක්කේ ඉදිරිවසර දෙකක් තුනක් ඇතුළත භූමි කම්පා සිදුවිය හැකිය යන පදනමේ සිට යැයි ඔහු කියා සිටී.
ඇමරිකාවේ සැන්ඩ්රියාස් ප්‍රදේශයේ දරුණු භූමිකම්පාවක් සිදුවන බවට නිශ්චිතව පැවසුවද, එය කොයි කාලේ සිදුවන්නක් ද යන්න කිසිවකුට කිව නොහැකි බවද දිසානායක මහතා පවසයි.
මෙම රටවල් 11 පිහිටා ඇත්තේ වෙන වෙනම තලවල බවත්, එම සියලු තල සම්බන්ධව මෙවැනි භූමිකම්පාවක් ඇතිවේයැයි පැවසීම ගැටලු සහගත බවත් ඔහු කියා සිටී.
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com