අක්‍රිය වූ නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද සිට යළි ජාතික විදුලි පද්ධතියට

2017-11-20 09:01:00       120
feature-top
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය අද යළි ජාතික විදුලි පද්ධතියට එක්කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා තිබේ.

එම ජනන යන්ත්‍රය දින කිහිපයක සිට අක්‍රීයව පැවතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධණ මහතා පැවසුවේ, තුන් වන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි.

එම ජනන යන්ත්‍රය තව ත් සතියකින් පමණ ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »