ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ සිද්ධිය ගැන TNA ස්ථාවරය හෙළි කරයි

2017-11-20 08:49:00       480
feature-top
ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති බවට කළ ප‍්‍රකෘශය සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්ට එරෙහිව විනය පියවර ගන්නා  බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් නෙත් නිවුස් වෙත කියා සිටියේ ජාතික කොඩිය පිළිනොගැනීමට අමාත්‍යවරයාට කිසිදු හැකියාවක් නොමැති බවයි.

වව්නියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කළා.

ඔහු කියා සිටියේ ජාතික ධජයේ නිරූපිත සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් සෙසු බොහෝ සංඛේතවලින් බුදු දහමත් පිළිඹිබු වන බැවින් මෙය ජාතික ධජයක් නොව සිංහල බෞද්ධ ධජයක් පමණක් බවයි. 

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් උතුරේ මෙන්ම දකුණේ ද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා. උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් දරන්නේ ද ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කළ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ස්ථාවරයටම සමාන ස්ථාවරයක්.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ අද (20) සිය ස්ථාවරය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »