ස්ටිකර් අලවා මුදල් එකතු කරන ජාවාරමක තොරතුරු හෙළිවෙයි

2017-11-20 06:32:00       217
feature-top
පොලිසියේ බව පවසා ස්ටිකරයක් අලවා ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් මුදල් එකතු කිරිමේ ජාවාරම්ක්  ක්‍රියාත්මක වන බවත් , බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් ඊට හසුවී මුදල් ලබා දී ඇති බවත් හැටන් නගයේ ත්‍රිරෝද රථ රියදුරන් පවසයි.

ආසෙන්නම පොලිසියේ නම , දුරකථන අංක සහ පළාත මෙන්ම පොලිස් හදිසි දුරකථන අංක ද ඇතුලත් කර මෙරට ජනමාධ්‍ය ආයතනයක් රථවාහන අනතුරු අවම කර ගැනිම සඳහා ජනතා අවදානය යොමු කරගැනිමට භාවිතා කරන ශිර්ෂපාඨයද ඇතුලත් කරන ලද ස්ටිකරටක් ත්‍රිවිලර් රථ වල අලවමින් මුදල් අයකර ගැනිමේ ව්‍යාපාරක් ක්‍රියාත්මක වේ.

ස්ටිකරයේ ඉහලින්ම පොලිසියේ නිල ලාංඡනය මුද්‍ර‍ණය කොට ඇති අතර පොලිසියේ නිල වර්ණ වන නිල් සහ සුදු පාට යොදාගෙන තිබේ.

ස්ටිකරය ඇලවීමත් සමඟ පොලිසියට තොරතුරු ලබා ගැනිම සඳහා බව පවසමින් පොරමක් ලබා දුන් බව ත්‍රිරෝද රථ රියදුරන් පැවසීය.

එම අවස්ථාවේදිම රියදුරාගේ පුද්ගලික තොරතුරු හා ත්‍රිවිලර් රථය පිළිබද තොරතුරු සටහන් කර ගැනිමෙන් අනතුරුව ස්ටිකරය සඳහා රුපියල් 150 ක මුදලක් අයකරගෙන තිබේ.

එම ස්ටිකරයෙන් රියදුරන්ට හෝ මගින්ට විශේෂ වාසියක් සිදු නොවුනත් පොලිසියට තොරතුරු එකතු කරන බව පැවසූ නිසා මුදල් ගෙවීම හා තොරතුරු ලබා දුන් බව ඔවුන් පවසති.

හැටන් නගරයේ මෙන්ම බගවන්තලාව,නෝර්වුඩ් ආදී නගර සහ උප නගර රැසකත් මෙසේ මුදල් එකතු කිරිම ඉකුත් 18  වන දින සිදුකර  තිබේ.

මෙම කටයුත්ත පොලිසිය දැනුවත්ව කරන බව පැවසිමත් සමඟ  හැටන් නගරයේදී ත්‍රිරෝදරථ රියදුරන් දිගින් දිගටම ප්‍ර‍ශ්න කිරිම හා මධ්‍යට දැන්ම් දෙන බව පැවසු විට ඔවුන් පලා ගියබවත් රියදුරන් පවසති.

මේ සම්බන්ධව හැටන් කොට්ඨාශ සහකාර පොලිස් අධිකාරි දසනායක මහතාගෙන් විමසු විට පැවසුවේ එම කටයුත්ත සම්බන්ධව පොලිසියේ කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් හුදෙක්ම පුද්ගලික පිරිසකගේ හෝ සංවිධානයක ක්‍රියාවක් බව ඔහු බවසා ඇත.

පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(under the courtesy of adaderana.lk news web)

More News »