විරෝධතාවක් හේතුවෙන් මාවනැල්ල, මහන්තේගම හන්දිය අවහිර වෙයි

2017-11-14 05:20:00       186
feature-top
මාවනැල්ල, මහන්තේගම ප්‍රදේශයේදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක නිරත වේ.

අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් පැයක පමණ කාලයක් නුවර පාර අවහිර වී ඇති බවයි.

මාවනැල්ල, මහන්තේගම හරහා ගම්පොළ දක්වා දිවෙන මාර්ගය පිළිසකර කර දෙන ලෙස බලකරමින් විරෝධතාව ක්‍රියාත්මක වේ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »