මිල්ලනිය ප්‍රදේශයේ තරුණ යුවළක් ගෙළ වැලලාගනී

2017-11-14 05:18:00       398
feature-top
මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේදී තරුණ යුවළක් සියදිවි හානි කරගෙන තිබේ.

නිවසක වහලයක ගැට ගැසූ ලණුවක ආධාරයෙන් ඊයේ රාත්‍රියේ එලෙස ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ, වයස අවුරුදු 28 තරුණයෙක් සහ 19 හැවිරිදි තරුණියකි.

ඔවුන් දෙදෙනා පරගස්තොට සහ කිම්මන්තුඩාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ වන විට මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ පවතින බව පොලීසිය සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »