බලංගොඩ වෙළෙඳසැලකින් මුදල් කොල්ල කෑ පුද්ගලයින් දෙදෙනාට වැඩ වරදී

2017-11-14 05:16:00       250
feature-top
බලංගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකින් මුදල් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 10වන දා මෙම සොරකම සිදුවී ඇත්තේ කොළඹ – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ රත්මලවින්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක ය.

එහිදී ලක්ෂ 12ක මුදලක් සහ චෙක්පත් කිහිපයක් සොරකම් කර තිබේ.

බලංගොඩ, පින්නවල පොලීසිය කළ විමර්ශන වලින් අනතුරුව හපුතලේ ප්‍රදේශයේදී මීට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී සොරකම් කළ මුදල්වලින් ලක්ෂ 6ක් සහ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »