යාපනේ තරුණයෙකු කපා කොටා යතුරුපැදිය පැහැරගෙන

2017-11-14 04:44:00       146
feature-top
යාපනය, කෝපායි රාසා මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී  තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයාට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් පහර දී ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරුව තුවාල ලැබූ පුද්ගලයාගේ යතුරු පැදියද ඔවුන් විසින් කොල්ලකා පලාගොස් තිබේ.

උතුර කෝපායි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »