දේශීය ටින් මාළු කර්මාන්තයට ඍජු බලපෑම්

2017-11-14 04:33:00       170
feature-top
මෙවර අයවැය මගින් ආනයනික ටින් මාළු සඳහා බදු සහන ලබාදීම දේශීය ටින් මාළු කර්මාන්තයට ඍජුව බලපා ඇති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කරයි.

ඔහු අද (14) මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින් ය.

ඊට පිළිතුරු ලබා දෙමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පසුගිය කාලවකවානුව තුළ අවස්ථා කිහිපයක දී ආනයනික ටින් මාළු සඳහාවන බද්ද වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.

(under the courtesy of hitnews.lk news web)

More News »