පෙට්‍රල් අර්බුදය ගැන අයිඕසිය කරුණු පහදයි

2017-11-10 08:54:00       708
feature-top
පෙට්‍රල් අර්බුදයේ සැබෑ තත්ත්වය පිළිබඳව ලංකා ඉන්දියන් තෙල් සමාගම විසින් මහජනතාව වෙත විශේෂ නිවේදනයක්‌ නිකුත් කර ඇත. එය මෙසේ ය.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා පෙට්‍රල් හිඟයක්‌ ඇති වී, එමගින් මහජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින පසුබිමක්‌ යටතේ විවිධ පුද්ගලයන් හා සමිති සමාගම් විසින් ලංකා IOC පීඑල්සී නාමය සම්බන්ධ කර නොයෙකුත් ආකාරයේ ප්‍රචාරයන් පතුරුවා හරමින් සිටී. එම චෝදනාවලට පිළිතුරු ලබාදීම සහ උද්ගතව ඇති තත්ත්වයේ සැබෑ ස්‌වරූපය රටට හෙළි කිරීමටත් එමගින් නිවැරදි අවබෝධයක්‌ ලබාදීමත් සඳහා මෙම ප්‍රවෘත්ති නිවේදනය ලංකා IOC පීඑල්සී විසින් නිකුත් කරනු ලැබේ.

ලංකා IOC පීඑල්සී මෙරට ඉන්ධන බෙදා හැරීමේ කාර්යයේ නියුතු වෙමින් වසර ගණනාවක්‌ පුරා ශ්‍රී ලාංකීය ජනතාවට විශාල සේවාවක්‌ සපයමින් රටේ සංවර්ධනයට දායකත්වය දක්‌වන මෙරට ප්‍රමුඛතම සමාගමකි. පසුගිය කාලය පුරා රටේ ඉන්ධන අර්බුද පැවැති අවස්‌ථාවල දී ක්‍ෂණිකව මැදිහත්වී දිවා රෑ කටයුතු කරමින් ජන ජීවිතය හා රටේ කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාමට ලංකා IOC පීඑල්සී සිය උපරිම දායකත්වය සපයා ඇත.

මේ දිනවල සිදු වී ඇති පෙට්‍රල් හිඟය ලංකා IOC පීඑල්සී බලපෑමක්‌ නිසා සිදු වී ඇතැයි නඟන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, මෙම පෙට්‍රල් අර්බුදයේ සැබෑ සත්‍ය වසන් කොට එහි වගකීම ලංකා IOC පීඑල්සී වෙත පැවරීම සංවිධානාත්මකව සිදුකරනු ලබන වැරදි සහගත ක්‍රියාවක්‌ ලෙස හඳුන්වා දිය හැකි ය.

මෙරට ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේදී ලංකා IOC පීඑල්සී සතුව ඇත්තේ 16% තරම් වූ ප්‍රමාණයකි. ඉතිරි 84% ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සතු වේ. එසේම ශ්‍රී ලංකාවේ විශාලම ඉන්ධන ගබඩා පහසුකම් ඇත්තේ ද ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට ය. ඔවුන්ගේ එම ඉන්ධන ගබඩා දිවයින පුරා පිහිටා ඇත. මෙවැනි පසුබිමක්‌ තිබිය දී මේ දිනවල ඇති වී තිබෙන පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් ලංකා IOC පීඑල්සී වෙත වගකීම පැවරීම පිළිගත නොහැකි ය.

සාමාන්‍යයෙන් ලංකා IOC පීඑල්සී විසින් දිනකට පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 600 ක්‌ අලෙවි කරයි. එසේම ලංකා IOC පීඑල්සී ඉන්ධන පර්යන්තයන්හි තවත් පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 3500 ක්‌ ගබඩා කර ඇත. එය ඉදිරි දින ගණනාවක්‌ සඳහා මෙරට දෛනික කටයුතු අඛණ්‌ඩව සිදුකිරීමට ප්‍රමාණවත්ව ය. නමුත් මෙම පෙට්‍රල් තොගය නිසි පරිදි රට පුරා බෙදා හැරීමට නොහැකිවී ඇත්තේ එය සිලෝන් පෙට්‍රෝලියම් ස්‌ටෝරේ – ටර්මිනල් ලිමිටඩ් විසින් කළමනාකරණය කරන හේතුව නිසා ය. එසේම ලංකා IOC පීඑල්සී විසින් ඩීසල් මෙට්‍රික්‌ ටොන් 775 ක්‌ දෛනිකව අලෙවි කරන අතර මෙම ඩීසල් ක්‍රමයට ත්‍රිකුණාමලය තෙල් පර්යන්තය මගින් දිවයින පුරා ඉන්ධනහල් වෙත අඛණ්‌ඩව සැපයීම ද සිදු කරයි.

පසුගියදින කිහිපයේ රට තුළ පෙට්‍රල් හිඟයක්‌ ඇතිවීමට ලංකා IOC පීඑල්සී පෙට්‍රල් ඉතිරුම් තොග බලනොපෑ අතර උද්ගත වූ අර්බුදය කළමනාකරණය කරමින් වෙනත් ඉක්‌මන් විසඳුමක්‌ සඳහා සහය ලබාදීමට ලංකා IOC පීඑල්සී ඉදිරිපත් වී ඇත.
(under the courtesy of hitnews.lk news web)

More News »