ඛණිජ තෙල් මගින් ධාවනය වෙන සියලු වාහනවලට මෙවර අයවැයෙන් කිව්ව දේ

2017-11-09 04:17:00       711
feature-top
2018 අයවැය යෝජනා මගින් ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන සියලු මෝටර් රථ සම්බන්ධයෙන් තීරණාත්මක පියවරයන් රැසක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන සියලු මෝටර් රථ අධෛර්යමත් වන ලෙසයි මෙම යෝජනා සකස් වී ඇත්තේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය කතාව සිදු කරමින් සඳහන් කළේ 2040 වසර වන විට ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන වාහන වෙනුවට වෙනත් බලශක්ති මගින් ධාවනය කෙරෙන වාහන බවට රට පත් කරන අරමුණක් කරා ගමන් කරන බවයි.

ඒ අනුව 2025 වස විට රජයේ සියලු වාහනද දෙමුහුන් හෝ විදුලි මගින් ධාවනය කෙරෙන වාහන බවට පත් කෙරෙනු ඇති බවයි.

විශේෂයෙන් ත්‍රීරෝද රථ සහ බස් රථ විදුලිය මගින් ධාවනය කළ හැකි පරිදි වෙනස් විය යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා.

(under the courtesy of nethnews.lk news web)

More News »