කල්පනා ශක්‌තිය වර්ධනයට ඉඳි ගුණයි

2017-11-07 10:05:00       289
feature-top
හීන් ඉඳි නොහොත් කැළෑ ඉඳි
කටට රසැති ගුණාත්මක පලතුරකි. ගඩාගෙඩි විශේෂයකි. ඉඳි පඳුරුවල හටගනු ලබන ඉඳි වල්ලක රතු පාටින් බැබලුන, ඉඳි ගෙඩි විශාල ප්‍රමාණයක්‌ දැකගැනීමට හැකිය. පැසුණු ගෙඩි රතු පැහැගැන්වේ. ඉදුන ගෙඩි කළු පැහැ ගැන්වේ. ඉඳි වල්ලෙන් නෙළාගත් ඉදුනු ඉඳි ගෙඩි කටට දමා සූප්පු කර බාර්ලි ඇට මෙන් වූ ඇට ඉවතලිය යුතුය. ඉඳි පඳුරුවල කොළ දිගටිය. අතු විහිදී යයි. ඇතැම් පැරණි ඉඳි ගස්‌ අඩි අට, දහය තරමට උසට වැඩේ. එම පඳුරුවල අතුවල හටගනු ලබන ඉඳිකටු අඟල් එකක්‌ දෙකක්‌ පමණ තරමට දික්‌ව පවතී. කටු ඇනුණොත් තද වේදනාව ගෙන දෙයි. එම කටුවක්‌ ශරීරයේ කොතනක ඇණුන ද ඇණුන ස්‌ථානයේ ගෙඩියක්‌ හටගනී. ග්‍රාමීය ප්‍රදේශවල වැව් අවට, දෙනිකඩ, කුඹුරු ආශ්‍රිත ඔයවල් ආශ්‍රිතව වැඩේ. මෙම ඉඳි ගස්‌වල ඉඳි අතු කපා එහි කොළ වෙන් කර විශාල හැලිවල දමා තම්බා වියළාගෙන එම ඉඳි කොළවලින් හැඹිලි සහ ඉඳි කොළ තොප්පි සාදා වෙළෙඳපොළට එක්‌කොට දේශයේ හස්‌ත කර්මාන්තයට උර දෙමින් දිරි දෙමින් ලංකාවේ ඉපැරැණි සංස්‌කෘතියට පණ පොවමින් ඉඳි කොළ කර්මාන්තයේ නියෑළුණු පාරම්පරික සිංහල ගැමියන් එම පාරම්පරික රැකියාවද ආරක්‍ෂා කරමින් විදේශීය අය ඉතා ආශාවෙන් ප්‍රිය කරමින් පළඳින හිස්‌ වැසුම ඉඳි කොළ තොප්පියත්, මුදල් සුරැකිව බහාලන ඉඳි කොළ හැඹිලියත් නිර්මාණය කෙරුණේ අපේ ශ්‍රී ලංකා භූමියේ ඉබේ වැඩුණු හැදුන ඉඳි ගසේ මහිමයෙනි. මෙම ඉඳි ගස්‌ බහුල ලෙස වැඩෙනුයේ බෙලිඅත්තේ නුගේවෙල, හාල්පන්දෙණිය, පල් ලත්තර, ඕකේවෙල, මූකිරිගල, බඡ්ජැන්කැලේ, කඩවල යන ගම් ප්‍රදේශවලිනි. එම ප්‍රදේශවලට ලංකාවේ පිට පළාත්වල සිට ඉඳි කොළ කර්මාන්තයේ නියෑලෙන පිරිස්‌ පැමිණ කුඩා වැව් ආශ්‍රිත දෙනිකඩ ආශ්‍රිතව වැවී තිබෙන ඉඳි කොළ කපා ගෝනිවල බහා ගෙන යනු ලැබේ.
 
 ඉඳි ගහේ ඉඳි බඩය ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදාගනු ලැබේ. උණවටුන අංගොඩ යන මානසික රෝහල්වලට යොමුකරවත් ස්‌ථිර සුවය නොලද මානසික රෝගීන්ව සුවපත් කිරීම සඳහා භෛෂජ්‍යයේදී ඖෂධ පිළියෙළ කිරීමට ඉඳි ගහේ ඉඳි බඩය උපස්‌ථම්බක වූ බව දේශීය ඉපැරැණි වෙදැදුරාණන් දැන සිටියේය. 
 
 මෙහි ආයුර්වේදීය ගුණාත්මකභාවය වනුයේ මොළයේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඇති කිරීමත් කල්පනා ශක්‌තිය ඇති කිරීමත් ය.
 
 වැව් සහ දෙනිකඩ බැකෝ යන්ත්‍ර යොදා සුද්ධ කිරීමේදී මෙම හීං ඉඳි ගස්‌ විනාශයට පාත්‍ර වී පවතී, එමනිසා ඉඳි පලතුරද ඉතා ශීඝ්‍රයෙන් විනාශයට පත්වෙමින් පවතී.
 
 කිරිපළු (පලතුරකි, ආයුර්වේද ඔසුවකි)
 
 කිරිපළු ශාකය දඅපේ දේශයේ වැවෙන දේශීය පලතුරක්‌ මෙන්ම දේශීය ඔසුවක්‌ද වන්නේය. වවුලන්ගෙන් සහ කුරුළු වර්ගයාගේ මාර්ගයෙන් එම පලතුර කා එම පක්‍ෂීන් පැහැරීමෙන් පසුත් කිරිපලු ගෙඩිය ඩැහැගෙන යැමෙන් පසුවත්, එය තැනින් තැන බිම පතිත වීමෙන්ද බෝවීම සහ ව්‍යාප්තිය සිදුවේ. එය වගා කිරීමක්‌ දක්‌නට නොමැත. කිරිපලු වාරයට කිරිපළු විශාල ලෙස සෑදෙති. පළ හට ගනිති. එහි හැඩය වනුයේ පැෂන් පතක ගෙඩිවලට සමානය. එම ඵල දරන සමයේ කිරිපලු ගෙඩි ඇතැම් පිරිස්‌ එක්‌රැස්‌ කරනු ලැබේ. බීම වර්ග සෑදීම සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වේ. ඉතා මිහිරි ප්‍රනීත ප්‍රසන්න රසය ගෙන දෙති. අපේ පලතුරු අතර දුර්ලභ ගනයේ පවතින පලතුරක්‌ වශයෙන්ද දේශීය ඔසුවක්‌ ලෙසද සඳහන් කළ යුතුය. දේශීය ඖෂධීය ගුණය ලෙස සැලකීමට සහ දැක්‌වීමට හැකිවනුයේ ශීත ගුණයත්, රක්‌තවාතය මර්දනය කිරීමේ ගුණයත්, ශාරීරික ශක්‌තිය ලබාදීමත්, දාහය පිපාසය සංසිඳවීමේ ගුණයත්ය. කිරිපලු ශාකය දැක ගැනීමට හැකි වනුයේ වන්නි ප්‍රදේශයෙනි. 
 
 මසං (දෙබර)
 
 weda6මසං ගෙඩි ළමුන් හට ප්‍රියජනක පලතුරකි. මෙය ගෙවතු අලංකාරය සඳහා ඇතමුන් වගා කරති. ඵලදරන සමයේ එහි නෙලාගත් ගෙඩි කූඩවල බහා තිබීමෙන් පසු ඉදී තිබෙනු දැකිය හැකිය. එමෙන්ම වෙළෙඳපොළටද එක්‌වෙති. මසං ගෙඩි ලොවි ගෙඩි තරම් ප්‍රමාණ වෙති. එය ඉදුන පසු කටට ගෙන හපා එහි යුෂ උරාබිය හැකිය. පොත්ත සහ ඇටය ඉවත දැමිය යුතුය. මෙහි ආයුර්වේදීය ගුණාත්මක භාවය වනුයේ සෙම් රෝග සඳහා භාවිතය, අනුභවය සුදුසුය. වාත රෝග අවස්‌ථාවේදී වෛද්‍යවරු යොදනු ලබන ප්‍රතිකාර වලදී මසං ගසේ පොතු, කොළ සහ ගෙඩි උපයෝගී කර ගැනීමට සිදු වෙති. මෙම ගස කටු සහිතව වැවෙන ශාකයකි. මසං වැඩිපුරම දැක ගැනීමට හැකිවනුයේ ලංකාවේ දක්‍ෂිණ ලංකාවේ මාතර, අකුරැස්‌ස, මොරවක, දෙනියාය, පල්ලෙගම, ලංකාගම, යටියන, කිරින්ද යන ප්‍රදේශවලිනි. 
 
 ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරි දීමක්‌ ලෙස මෙම ලිපි පෙළ ලියා පළ කරන ලදී.

courtesy : divaina.com

More News »