15 හැවිරිදි සිසුවාගේ මරණය සැකයි-සිරුර පාළු ඉඩමකින් හම්බෙලා

2017-11-04 11:24:00       553
feature-top
කිරිඇල්ල ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

අදාළ දරුවාගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ළමයාගේ මළ සිරුර පාළු ඉඩමක තිබී සොයාගෙන ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ ගල්කඩුව, කරඳන ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙකි.

සිද්ධිය සම්බන්දයෙන් කිරිඇල්ල පොලීසිය වැඩිදුරව විමර්ශන සිදුකරයි.

මේ අතර කිරිදිවැල ප්‍රදේශයේදී ද සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ඌරාපොල ප්‍රදේශයේ ඉඩමක තිබී සෙයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ උරාපොල, රතඹලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක වන අතර කිරිදිවාල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »