මිනුවන්ගොඩදී ට්‍රක් රථයක් අධිබලැති විදුලි රැහැන් කණු දෙකක ගැටීමෙන් තුන් දෙනෙකු මරුට

2017-11-04 11:00:00       549
feature-top
මිනුවන්ගොඩ, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ 18 කණුව දෙසට ධාවනය වූ ට්‍රක් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක සහ අධිබලැති විදුලි රැහැන් කණු දෙකක ගැටී අනතුර සිදුව ඇති බව ය.

අනතුරුව විදුලි රැහැන් කණු කැඩී ට්‍රාන්ස්ෆෝමරය ට්‍රක් රථය මතට වැටී තිබේ.

පොලීසිය පැවසුවේ අනතුරින් ට්‍රක් රථයේ රියැදුරු සහ ඉදිරිපස ගමන් කළ 5 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසු තුන් දෙනෙකු මියගොස් ඇති බව ය.

එලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය, මාතලේ සහ මහව යන ප්‍රදේශවල පදිංචි 54, 26 සහ 27 යන වයස්වල පසුවන පුද්ගලයින් තුන් දෙනෙකි.

ඊට අදාළ මරණ පරීක්ෂණ කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිත අතර ඒ, සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »