ළුණු සඳහා වන බද්ද ඉවත් කරන්න කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

2017-11-03 03:22:00       702
feature-top
ආනයනික ළුණු  සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කරන ලෙස ජිවන වියදම් කමිටුව මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප  කර තිබේ.

පසුගිය පළමුවනදා රැස්වූ ජිවන වියදම් කමිටුවේදී  ලොකු ළුණු සහ රතු ළුණු මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණි.

කෙසේවෙතත් ජිවන වියදම් කමිටුව භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් භාණ්ඩාගාරය පවසා ඇත්තේ රජයේ ආදායම පහත වැටීම හේතුවෙන් ආනයනික ළුණු සදහා වන බදු අඩු කළ නොහැකි බවයි.

දිවයිනේ ප්‍රදේශ රැසක වෙළදපොලේ ලොකු ළුණු කිලෝග්‍රෑම් එකක් මේ වන විට රුපියල් 170ක් 200ක් අතර මිලකට අලෙවි වන බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

මෙය තමන්ට දැරිය නොහැකි මිලක් බව පාරිභෝගික ජනතාව පවසයි.

මේ අතර ළුණු සඳහා වන බදු මුදල් අඩු කරන්නේ නම් මෙම තත්ත්වය පාලනය කළ හැති බව  අත්‍යාවශ්‍ය  ආහාර ද්‍රව්‍යයම ආනයනිකයින්ගේ සහ වෙළදුන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඒ සඳහා තම සංගමය රජයෙන් ඉල්ලීම් කර ඇති බව ද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනිකයින්ගේ සහ වෙළදුන්ගේ සංගමයේ මාධ්‍යය කැඳවුම්කරු හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »