අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිව්මහල් සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල සිසු අයිතියට .

2017-11-03 03:19:00       703
feature-top
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉදිකළ සිව්මහල් සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල (02) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

 සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
 විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්  පිළිගැන්වීය.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන්  ද, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

(under the courtesy of news.lk news web)

More News »