"ඒකීයභාවය යන වචනයට වඩා පිළිගන්නේ අර්ථයයි" - චම්පික

2017-11-03 01:49:00       691
feature-top
ඒකීයභාවය යන වචනයට වඩා පිළිගන්නේ අර්ථයයි - චම්පික
ජාතික හෙළ උරුමය පිළිගන්නේ ව්‍යවස්ථාවේ ඇති ඒකීයභාවය යන වචනය නොව එහි ඇති අරුත යැයි ජාතික හෙළ උරුමය මහ ලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.   

ඒකීය භාවය යන්නෙන් තම පක්ෂය අදහස් කරන්නේ රටේ මූලික නීතිය තැනීම කළ යුත්තේ එක ආයතනයකින් පමණක් බව යැයි ද හෙතෙම සඳහන් කළේය.

වෙනත් ආයතන ගණනාවකට නීති හැදීමේ බලය ව්‍යවස්ථාවෙන්ම දී ඇත්නම් ඒකිය වීමෙන් පළක් නැතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ඒකීයභාවය යන්න හෙළ උරුමය පිළි අරගෙන නේදැයි බොහෝ දෙනා විමසන  බවත් තම පක්ෂය ඒකීය භාවය යන්නෙන් අදහස් කරන තත්ත්වය ව්‍යවස්ථා යෝජනාවල ඇති බැවින් එය පිළිගත් බවත් ඒ මහතා පැවසීය.

පවතින ව්‍යවස්ථාවේ 2, 4ආ සහ 76 යන වගන්ති තුනෙන්ම ඒකීයභාවය යන්න කුමක් දැයි අර්ථ ගැන්වෙන බව පැවැසු අමාත්‍යවරයා එහි අරුත රටේ නීතිය තැනීම අයත් වන්නේ එක ආයතනයකට බව ද පදරුත් අනුවම එය පිළිගත යුතු බව ද ඔහු තවදුරටත් කීහ.  


(under the courtesy of asianmirror.lk news web)

More News »