රටක් ඉදිරියට යන්නේ අධ්‍යාපනයෙන් පමණයි

2017-11-03 10:35:00       709
feature-top
ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික සමගිය පිළිබඳ අදහස් රටේ මතු පරපුර වන ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන්ගේ සිත් තුළට සම්ප්‍රේෂණය කිරිමෙන් ඔවුන් ජාතිවාදයෙන් ආරක්ෂා කර ගත හැකි බවයි.

සමස්ථ ලංකා පාසල් රචනා හා චිත්‍ර තරඟාවලියේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය දශක තුන තුළ රටේ පැවති ජාතික අසමගිය නිසා ජාතියක් ලෙස අප පසු පසට ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට නව මගකට යොමු විමට හැකියාව ලැබී ඇති බව ද පෙන්වා දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දා සිදු කළ ගුරු මාරු කිරිම් ජාතිවාදි පදනම මත සිදු කළ බවට ඇතැම් පාර්ශව විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
 

(under the courtesy of adaderana.lk news web)

More News »