ලංකාවේ කිරි ගැන බලන්න පර්යේෂණ අධ්‍යනයක්

2017-11-03 09:08:00       698
feature-top
ශ්‍රී  ලංකාවේ කිරි නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත සත්ව නිෂ්පාදනයන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින් පර්යේෂණ අධ්‍යනයනයක් සිදු කර තිබේ.

මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වෙළදපොළ තුළ ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් කිරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සත්වයින් පවා නීතිවිරෝධි මස් නිෂ්පාදනයට යොදා ගැනිම ආදි කරුණු පිළිබඳ සොයා බැලීම මෙම අධ්‍යනයේ අරමුණ බව සඳහන් වෙයි.

කිරි නිෂ්පාදනය ඇතුළු සත්ව නිෂ්පාදන ක්ෂේත්‍ර හා සම්බන්ධ ආයතන රාශියක් සම්බන්ධීකරණය කරමින්  මෙම පර්යේෂණ අධ්‍යනය සිදු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ලෝක වෙළදපොළ තුළ කිරිපිට මිල දැඩි ලෙස ඉහල නැගීමත් සමඟ මෙරට පවතින කිරිපිට පාලන මිල ස්ථාවරව පවත්වා ගැනිමට සහ දේශිය කිරි කර්මාන්තය වර්ධනය කිරිම සදහා මේ වන විට විශේෂ අවධානයක් යොමු වි ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »