සුළු මව ළඟ හැදුණු දරුවෙක් අනාරක්ෂිත ළිඳකට වැටී මිය යයි

2017-11-03 08:58:00       691
feature-top
දඹුල්ල, වල්ගම්වැව ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු නිවස පිටුපස තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී ඊයේ (02) මියගොස් තිබේ.

එලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇත්තේ පෙර පාසල් වියෙහි පසු වූ නාමල් සතින්ච දිල්හාන් නමැති 05 හැවිරිදි දරුවෙකි. එම දරුවාට වයස මාස දෙකක් පමණ වනවිට ඔහුගේ මව හදිසි රෝගයකින් මිය ගොස් තිබේ.

එදින දරුවන්ගේ පෙර පාසල් නිවාඩු ලබාදීම හේතුවෙන් දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටි බව නිවැසියෝ ප්‍රකාශ කරයි.

නිවස පිටුපස උදැල්ලකින් තම දරුවා සෙල්ලම් කරමින් සිටි බවත් මද වේලාවකට පසුව දරුවා එහි නොසිටි බවත් දරුවාගේ සුළු මව කියා සිටී. දරුවා දැක ගැනීමට නොහැකි වූ තැන තම සැමියාට දුරකතනයෙන් කතා කර දරුවා නොමැති බව දැනුම් දුන් බව ද ඇය පැවසී ය.

නිවස පිටුපස පිහිටි ළිඳේ දරුවාගේ පාවහන් යුගලය දැක වහාම ප්‍රදේශවාසීන්ගේ සහය ඇති ළිඳ පතුල සෝදිසි කිරීමේ දරුවා හමු බව ඇය වැඩිදුරටත් කියා සිටියා ය.

පසුව එම දරුවා දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඒ අවස්ථාව වනවිටත් දරුවා මියගොස් සිටි බව වෛද්‍යවරු සඳහන් කර තිබේ.


(under the courtesy of hitnews.lk news web)

More News »