පුංචි ඡන්දෙ ආණ්ඩුවේ දූෂණවලට එරෙහි ජනමත විචාරණයක්

2017-11-03 08:57:00       704
feature-top
ඉදිරි පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ වංචා දූෂණවලට එරෙහි ජනමත විචාරණය බවට පත් කළ ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙම මැතිවරණය ආණ්ඩුව සිය කැමැත්තෙන් ජනතාවට ලබා නොදුන් බවත් ඡුන්දය අසීමිතව කල් දමා ගත් අවසන් තීරණයක් බව ද ඔහු සදහන් කළේය.

මේ අතර රාජපක්ෂ ආණ්ඩුවට නොදෙවෙනිව වත්මන් රජය විසින් සිදු කරනු ලබන වංචා දූෂණවලට එරෙහිව ජනතාවගේ ජනමතවිචාරණයක් බවට මෙය පත් කර ගන්නා ලෙස විජිත හේරත් මහතා ඉල්ලීමක් කරයි.

මේ අතර බැදුම්කර කොමිසමට අගමැතිවරයා ගෙන්වීමට ගත් තීරණය පිළිබදව මාධ්‍යවේදීන් විජිත හේරත් මහතාගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ, අගමැතිවරයා කැදවීමට පෙර කොමිසම හමුවට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දුන්නේ නම් ඔහුගේ නිහතමානි ගුණය පිළිහිඹු වන බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »