ටෙ‍්‍රෂරීස් සමාගමේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප වෙයි

2017-11-02 08:57:00       695
feature-top
ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් තම ව්‍යාපාරික බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවමින් පනවා ඇති නියෝගයක් අහෝසි කරන්නැයි ඉල්ලා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගනම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අගවිනිසුරු ප‍්‍රසාද් ඩෙප් බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සම්කාර පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තම ව්‍යාපාරික බලපත‍්‍ර අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහබැංකුව කටයුතු කර ඇති බවයි.

මෙය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බව සදහන් කළ පෙත්සම්කාර සමාගම මහ බැංකුව විසින් නිකුත් කල තහනම් නියෝගය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

දීර්ඝ කරුණු සළකාබැලීමක් සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කලේ අදාළ පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ අනුව එය විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළ බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.

(under the courtesy of adaderana.lk news web)

More News »