ඒකාබද්ධ විපක්ෂයෙන් ජනපති මෛත‍්‍රිට හදිසි පණිවිඩයක්

2017-11-02 05:15:00       693
feature-top
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් විශේෂ ලිපියක් ශ්‍රීලනිප නායකත්වය වෙත අද(02) යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රීලනිපය හා සාකච්ඡාවකට එන ලෙස එම පක්ෂය කළ ඇරයුම පිළිගැනීමට නම් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බව එහි සඳහන් බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග කියා සිටියා.

මේ ලිපිය යැවීමේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ(01) රැස් වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමයි.

එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව සඳහන්.

එළඹෙන පුංචි ඡන්දයේ දී දෙපාර්ශවය එක්ව තරග කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා දෙපාර්ශවයේ සාකච්ඡාවකට නිදහස් පක්ෂය ඇරයුම් කළ බව වාර්තා වුනා..


(under the courtesy of hitnews.lk news web)

More News »