අයවැයෙන් බියර්-වයින් මිල අඩුවේ යැයි ආරංචි වීමත් සමග රට බීම හල් මිලට ගැනීම නවතයි

2017-11-02 05:13:00       685
feature-top
ඉදිරි අයවැයෙන් බියර් සහ වයින් මිල අඩු කිරීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

රජය මෙම තීන්දුව ගැනීමට හේතු වී ඇත්තේ  රට තුළ සැර මත් පැන් පරිභෝජනය අධ්‍යර්‍යමත් කිරීමට බවද දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් පැවැසීය.

මේ ආරංචිය වේගයෙන් පැතිර යාමත් සමග බොහෝ රට බීම හල් හා අවන්හල් බියර් හා වයින් වැනි සැර අඩු රට බීම මිලට ගැනීම හා ගබඩා කර තබා ගැනීමට අදි මදි කරන බවක් ද වාර්තා වේ.
(under the courtesy of adaderana.lk news web)

More News »