උතුරට බලය ලබා දීමෙන් සමස්ථ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ

2017-11-02 05:12:00       688
feature-top
උතුරේ සිටින සියයට 45 ක් වු දෙමළ ජනතාවට බලය ලබා දීමෙන් සමස්ත දෙමළ ප්‍රජාවගේ ගැටළුන්ට විසඳුමක් ලබා ගත නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තා කොටුම්පත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද(02) පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඒකීයභාවය තව දුරටත් පවත්වාගෙන යා යුතු බවත් දැනට පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉවත් නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

බුද්ධාගම සම්බන්ධයෙන් දැනට ඇති වගන්ති නොවෙනස්ව තිබිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

පළාත් සභා ක්‍රමය සුදුසු කියා තමා පිළිනොගන්නා බවත්, එය සංශෝධනය විය යුතු බවත් ඒ තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙනවා යන මතය කිසිසේත් පිළිනොගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් වෙනම රාජ්‍යයක් යන සිහිනයේ නොසිට ආණ්ඩුව සමඟ එක්වී තම රටට හා ප්‍රජාවට මෙහෙවරක් ඉටු කිරීමට එක් වෙන ලෙස ද දෙමළ දේශපාලඥයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

පසුගිය කාලයේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා වැනි ඉතා විශිෂ්ට දේශපාලන ක්‍රියාවලියක නියැලි සිටි නායකයින් ද සිටි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »