දරුවාට කිරි දෙමින් සිටි බිරිඳට සැමියා පහර දුන් නිසා ඇය ළිඳට වැටිලා - ඒ දෙස බලා සතුටු වූ සැමියාට සිදු වූ දේ

2017-11-02 05:10:00       687
feature-top
බිරිඳට පහර දී ඇය දුව යනවිට මිදුලේ තිබූ ළිඳට වැටී ඇති අතර ඇය ගොඩට ගැනීමට අසල්වාසීන්ට ඉඩ නොදී මිය යෑමට ඉඩ හරින ලද සැමියෙකු වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වැලිගම මුදුගමුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරු රැකියාවේ නිරත පුද්ගලයෙකි.

ඉකුත් 30 වැනිදා පෙරවරුවේ ඔහු බීමතින් සිය නිවසට පැමිණෙන විට ඔහුගේ බිරිඳ මාස 03ක් වයසැති පුංචි දරුවාට කිරි දෙමින් සිට තිබේ. එය නොතකමින් ඔහු ඇයට පහර දී ඇතැයි වාර්තා වේ.

පසු ව ඇය දරුවා ඇඳ මත තබා මිදුලට දිවගොස් ඇති අතර අසල තිබූ ළිඳට ඇද වැටී තිබේ.

ඇය බේරා ගැනීම සඳහා අසල්වාසීන් එහි පැමිණිය ද ඔවුන් වළක්වා, ඇය දියේ ගිලෙන සැටි ඔහු සතුටින් බලා සිටි බව අසල්වාසීන් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අසල්වාසියෙකු විසින් ඔහුගේ විරෝධය නොතකා ඇය ගොඩ ගෙන තිබේ.

අනතුරු ව නිර්නාමික දුරකතන ඇමතුමක් මත එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසිය 36 හැවිරිදි එම කාන්තාව වලාන රජයේ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එම අවස්ථාවේ සැකකරු යතුරුපැදියකින් පලා යමින් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) ඉදිරිපත් කර ඇති අතර බිරිඳ මරා දැමීමට උත්සහ කිරීමේ චෝදනාව මත ඔහු ලබන 09 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


(under the courtesy of hitnews.lk news web)

More News »