TharunayaSinhala News →sinhala-news → 2017-10-13 02:46:00

ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයතිවාසිකම් පෙත්සමක්
2017-10-13 02:46:00
Views : 96

සමෘද්ධි හා කෘෂි ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන ඡන්ද විමසීමේදී තරඟ කිරීම සඳහා පවතින අවකාශ සීමා කරමින් පනවා තිබෙන නීති රීතිවලින් මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ඒ.ඩී. ජගත් කුමාර මහතා විසින් අදාල පෙත්සම ඉදිරිපත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් නම් කර තිබේ.

පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කළ පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත තුළින් සමෘද්ධි හා කෘෂි නිලධාරීන් එම මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නම් ඊට වසරකට පෙර සේවයෙන් ඉවත් විය යුතු බවට කොන්දේසියක් පනවා ඇති බවයි.

ඒ තුළින් ක්ෂේත්‍ර  නිලධාරීන්ගේ මූලික අයිතීන් කඩවන බව පෙන්වාදෙන පෙත්සම්කරු ඒ හරහා ආණ්ඩුක්රනම ව්යමවස්ථාවද උල්ලංඝනය වන බව පෙන්වා දී තිබේ.

(under the courtesy of adaderana news web)

    All Stories

Ads here
340 x 60