TharunayaSinhala News →sinhala-news → 2017-10-12 05:20:00

ජීවිත 239ක් සමග ලොවින් සැඟව ගිය සියවසයේ අභිරහස (MH 370…?)
2017-10-12 05:20:00
Views : 888

MH 370…..
තාක්ෂණික අතින් 21 වන සියවසයේ ලොව දියුණුවේ හිණිපෙත්තට නැග ඇතැයි, ඇතැම් විට ඔබ සිතනවා විය හැකියි.
එහෙත් එකී තාක්ෂණයට හසුවන්නට හෝ සාක්ෂියක ඉඟියක් හෝ ඉතිරි නොකර ලොවින් සැඟව ගිය අභිරහසක් ලෙස MH 370 ගුවන් යානයේ අතුරුදන්වීම අද වන විට ඉතිහාසයට එක්වී හමාරයි.

තවදුරටත් ලෝකය පාලන කරන්නේ, අභ්‍යවකාශය පවා ජය ගත් මිනිසා විසින් ම ද යන්න තවදුරටත් ප්‍රශ්නාර්ථයක් එක් කළ සිදුවීමක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය.

ගුවන් ඉතිහාසයට පිළිතුරක් නැති ප්‍රශ්නයක් ඉතිරි කර දෙමින් MH 370 ගුවන් යානය අතුරුදන් වීමට අදාළ විමර්ශන කළ ඔස්ට්‍රේලියානු විමර්ශකයින්ගේ අවසන් වාර්තාව පසුගිය දා නිකුත් කෙරිණ.

වාර්තාව නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, යානය සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බව ය.

වාර්තාව එළි දක්වමින් විමර්ශකයින් පැවසුවේ, යානයට සිදුවූයේ කුමක් දැයි සිතා ගැනීමට හෝ පිළිගත හැකි සාක්ෂියක් නොමැති වීම අදහාගත නොහැකි සිදුවීමක් බවයි.
දෛනිකව මිලියන 10ක් තරම් මගීන් ගුවන් ගමන්වල යෙදෙන මෙවන් නූතන යුගයක මෙවන්නක් කිසිසේත් සිදුවිය නොහැකියි. එසේම පිළිගත නොහැකියි, විශාල ගුවන් යානයක් අතුරුදන්වීම, සහ ලෝකය සත්‍ය ලෙස ම යානයට සිදුවූයේ, කුමක් ද? එහි සිටි මගීන්ට සිදුවූයේ, කුමක් ද? යන්න දැන ගැනීමට නිශ්චිත ඉඟියක් හෝ නොමැතිවීම පුදුමයට කරුණක්
MH 370 අවසන් ගුවන් ගමන…
 

මගීන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර ගමන ඇරඹූ MH370 දරන ගුවන් යානය ගුවන් ඉතිහාසයේ අතුරුදන් වන්නේ, 2014 වසරේ මාර්තු 8 වන දා ය.

යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිට මගීන්ගෙන් 154 දෙනෙක් චීන ජාතිකයෝ වූහ.

යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ඇතැයි, සන්නිවේදනය වූ මොහොතේ ගුවන් යානයක් අතුරුදන් වූ බවට වන පුවත ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරිණ.

මැලේසියාව, ඔස්ට්‍රේලියාව, චීනය ඇතුළු ලොව රටවල් රැසක් ගුවන් යානයට සිදුවූයේ කුමක් දැයි සෙවීමට යානය අතුරුදන් වූ බව පැවසෙන මුහුදු කලාපය සිසාරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ ය.

කෙසේ වෙතත් මෑතක් වන තුරු ම බොහෝ රටවල් මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අතර මැලේසියාව, සහ චීනය, සෝදිසි මෙහෙයුම්වලින් ඉවත් වූයේ, පසුගිය ජනවාරියේ ය.

MH370 යානය සෙවූ මෙහෙයුම ගුවන් ඉතිහාසයට එක්වන්නේ, ගුවනේ සහ මුහුදුපතුළේ සිදුකළ අතිදැවැන්ත මෙහෙයුමක් ලෙසිනි.

අතුරුදන් යානය සෙවීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනයක් ඇතුළු අතිනවීන තාක්ෂණික උපකරණ ද භාවිත කළහ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

    All Stories

Ads here
340 x 60