TharunayaSinhala News →sinhala-news → 2017-09-13 04:35:00

බෝ අත්තකට යටවී එක්දරු පියා අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනියි - Video
2017-09-13 04:35:00
Views : 321

ඇකිරියන්කුඹුර, මීරැහැන ගම්මානයේ සුළඟට වැටුන බෝ අත්තකට යටවී එක්දරු පියෙකු මියගියගොස් සිටියදී අද (13) උදෑසන සොයාගත් බව පොලීසිය පවසනවා.

මොණරාගල, තෙනගල්ලන්දේ පදිංචි ඩබිලිව්.එම් රත්නපාල (33) නැමැත්තා අනතුරින් මියගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා තම මවගේ නිවසට පැමිණ ගොවිතැන් කරන අතර ඊයේ (12 ) සවස ගම්මානයේ කඩමංඩියට ගොස් නැවත නිවසට එන අතරතුර පැවති සුළඟත් සමඟ මාර්ගයේ අසල තිබූ බෝ ගසක අත්තක් කඩා වැටී එයට යටවී ඇති බවයි වාර්තා වන්නේ.

බෝ අත්තකට යටවී පුද්ගලයෙකු සිටින බව ගම්වාසීන් දැක අද (13) උදෑසන  පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ගම්වාසීන් එක්ව අනතුරට ලක්ව සිටි පුද්ගලයා රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බව පොලීසිය පැවසුවා.



(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60