TharunayaSinhala News →sinhala-news → 2017-09-13 02:37:00

"මාමස්මි" ගෙ පිස්තෝලෙන් කැටයම් දැමූ චණ්ඩියාට ප්‍රේමදාස ක්‍රීඩාංගණය ළඟදි වෙච්ච වැඩේ
2017-09-13 02:37:00
Views : 521

අහසට වෙඩි තබා ජනතාව බිය ගැන්වීමේ නිරත වූ මාලිගාවත්ත ප්‍රදේශයේ හිටපු පාතාල කල්ලියක නායකයකු වන මාමස්‌මිගේ සමීපතම ගෝලයකු විදේශීය රටක නිෂ්පාදිත මිලි මීටර් 0.38 වර්ගයේ ගිනි අවියක්‌ සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය සමත් වුණා.

ලැබුණු තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස්‌ පදිංචි 39 හැවිරිදි සැකකරු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසලදී කොටුකරගෙන තිබෙනවා.

මොහු අහසට වෙඩි තබා ජනතාව බිය ගන්වා ඇති බවට ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියටද පැමිණිලි රැසක්‌ ලැබී තිබුණා.

කොළඹ අපරාධ කොට්‌ඨාසය සැකකරු භාරයේ තිබී සොයාගත් ගිනි අවිය පාතාල කල්ලි නායක මාමස්‌මි භාවිතා කළ ගිනි අවිය බවටද මේ වන විට හෙළිව තිබෙනවා.



(under the courtesy of nethfm news web)

    All Stories

Ads here
340 x 60