TharunayaSinhala News →sinhala-news → 2017-09-13 09:04:00

අර්ජුන් ඇලෝෂියස් අදත් බැදුම්කර කොමිසමට
2017-09-13 09:04:00
Views : 95

පර්පචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා අද බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව අර්ජුන් ඇලෝෂියස් මහතා අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

 බැදුම්කර කොමිසමට සහය දක්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ (12) අර්ජුන් ඇලෝෂියස් මහතාගේ නිවසට ගොස් අද කොමිසම හමුවේ පෙනී සිටින විට බැංකු ගිණුම් ප්‍රකාශන ද රැගෙන එන ලෙස දැනුම් දී ඇත.

 කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඇලෝෂියස් මහතාගේ නිවසට යන විට ඔහු නිවසේ නොසිටි බවට වාර්තා පලවුණි.

 ඔහු විදේශ ගතව ඇති බවට නිල නොවන ආරංචි මාර්ගවලින් සනාථ වී ඇති බව වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ඊයේ බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටි අතර ඇලෝෂියස් මහතාගේ නීතීඥවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහු විදේශ ගත වී නොමැති බවයි.

කෙසේවෙතත් අර්ජුන් ඇලෝෂියස් මහතා බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනි සිටින ගාමිණි මාරපන නීතීඥවරයා කොමිසම හමුවේ සිය විරෝධය ද පල කළේය..

(under the courtesy of adaderana news web)

    All Stories

Ads here
340 x 60