TharunayaSinhala News →sinhala-news → 2017-07-26 09:23:00

ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ කණ්ඩායම තීරණය කිරීමේදී සිදුවූ දේ
2017-07-26 09:23:00
Views : 278

තරඟ 3 කින් සමන්විත ශ්‍රී ලංකා සහ ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් හෙට ආරම්භවන තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ රංගන හේරත්ට.

ඉන්දීය පිතිකරු කේ. එල්. රාහුල්ටද උණ රෝගයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගය අහිමිවනවා.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන රංගන හේරත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ තරගය ජයගැනීමට නම් කණ්ඩායමක් ලෙස සියලූ ක්‍රීඩකයින් තමන්ගේ සැළැස්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි.

රංගන හේරත් මේ වනවිට ටෙස්ට් තරග 5 කට  සිය නායකත්වය ලබාදී ඉන් තරග 3 ක් ජයග්‍රහණය කරා මෙහෙයවා තිබෙනවා.

අසේල ගුණරත්න පාදයේ ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා සිටීම තරගයට සහභාගිවන කණ්ඩායම තීරණය කිරීමේදී පහසුවක්වන බවයි රංගන පෙන්වා දෙන්නේ.

රංගන හේරත්

- අපිට තියෙනවා ලොකු වගකීමක්. විශේෂයෙන් අංක එකේ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරනකොට. පෞද්ගලිකව එක එක්කෙනාට සැලැස්මවල් හදලා තියෙනවා. ක්‍රීඩකයන් හැටියට කණ්ඩායම හැටියට අපි ඒවා ඉෂ්ඨ කරන්න බලන්න ඕන.

- පන්දු යවන්නන් 5 දෙනෙක් ඇතුළත් කරනවානම් අසේල සිම්බාබ්වේදී පන්දු යවන්න බැරි වුණා. නමුත් ඔවුත් සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඔහුත් පන්දු යවාවි. අපි හැමවේලේම බලන්න ඕනේ මේ තරඟයට අවශ්‍ය කන්බිනේෂන් එක හදාගන්නේ කොහොමද කියලා.

මේ අතර විදෙස් ක්‍රීඩා මාධ්‍ය අද තරඟයට බොහෝදුරට ක්‍රීඩා කරනු ඇති බවට දක්වමින් වාර්තා කර තිබූ ශ්‍රී ලංකා සහ ඉන්දියා කණ්ඩායම් පහතින්.


Sri Lanka (possible)
1 Upul Tharanga,
2 Dimuth Karunaratne,
3 Kusal Mendis,
4 Danushka Gunathilaka,
5 Angelo Mathews,
6 Niroshan Dickwella (wk),
7 Asela Gunaratne,
8 Dilruwan Perera,
9 Rangana Herath (capt),
10 Lahiru Kumara,
11 Nuwan Pradeep

India (possible)
1 Abhinav Mukund,
2 Shikhar Dhawan,
3 Cheteshwar Pujara,
4 Virat Kohli (capt),
5Ajinkya Rahane,
6 Rohit Sharma/Hardik Pandya,
7 Wriddhiman Saha (wk),
8 R Ashwin,
9 Ravindra Jadeja,
10 Umesh Yadav,
11 Bhuvneshwar Kumar/Mohammed Shami


(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60