TharunayaSinhala News →sinhala-news → 2017-07-17 04:51:00

ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව මිලදී ගැනීමට නාවික හමුදාව සැරසේ
2017-07-17 04:51:00
Views : 797

ඉන්දියාවේ නිෂ්පාදිත විශාලතම යුද නෞකාව මෙරට නාවික හමුදාව විසින් මිලදී ගැනීමට නියමිතයි.

දැනටමත් එම යුද නෞකාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

අගෝස්තු 22 වන දා ගෝවා හි පැවැත්වෙන උත්සවයකින් අනතුරුව මෙම යුද නෞකාව නාවික හමුදාවට භාර දීමට නියමිත බවයි නාවික හමුදා ප්‍රකාශක, ලූතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මෙම යුද නෞකාව ඉන්දීය රුපියල් කෝටි දහසක වටිනාකමින් යුක්ත වන අතර, එහි දිග මීටර් 150ක්.


(under the courtesy of hirunews news web)

    All Stories

Ads here
340 x 60