TharunayaSinhala News →sinhala-news → 2016-04-05 09:59:00

ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවට වීසා FREE කරයි
2016-04-05 09:59:00
Views : 72

ශ්‍රී ලාංකිකයන් හට වීසා රහිතව තම රටට ඇතුළත් වීමේ අවස්ථාව ප්‍රදානය කර බව ඉන්දුනීසියාව පවසයි. දෙරට අතර වාණිජමය කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් යුතුව ඉන්දුනීසියාව විසින් මෙම පියවර ගෙන තිබේ. පසුගිය දා පැවති ශ්‍රී ලංකා ඉන්දුනීසියා ව්‍යාපාරික හමුවක දී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහකොමසාරිස් ගරු හරිමවන් සුයිට්නෝ මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලාංකිකයින් හට දින 30ක නිදහස් වීසා කාලයක් ලබා දීමට අපි කටයුතු කරනවා යැයි මහකොමසාරිස්වරයා මෙහිදී පැවසීය.

2015 වසරේ දී ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ඇමරිකානු ඩොලර් මිලියන 400 ක වෙළෙඳ ගනුදෙනු සිදුවී තිබෙන අතර එයින් ඩොලර් මිලියන 400 ක්ම ඉන්දුනීසියාවට වාසිසහගත වන අයුරින් සිදුවී තිබේ. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවෙන් දුම්කොළ හා ඇඟළුම් ඉන්දුනීසියාවට අපනයනය කරනු ලබයි.


(under the courtesy of adaderana news web)

    All Stories
Ads here
340 x 60
Rs. 10000/-