බඩගින්නේ ඉන්නේ නැතුව පහසුවෙන්ම බර අඩුකරගන්න විශ්මිත ක්‍රමවේදයක් මෙන්න.

2016-03-03 10:11:00       672
feature-top
ව්‍යායාම නොකර සහ බඩගින්නේ නොඉඳ පහසුවෙන්ම බර අඩුකරගත හැකි විශ්මිත ක්‍රමවේදයක් පිළිබඳවයි අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ. ත‍මනමඑිමාzස කියන ජපන් වෛද්‍යවරයා විසින් මෑතකදී එළිදක්වපු කෘතියක එය පැහැදිලිවම විස්තර කර තිඛෙනවා. එම කෘතියේ පිටපත් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් ආසියාව පුරා අලෙවි වී තිඛෙනවා.

ඔහු පවසන පරිදි, ශරීරයේ බර අඩුකරගැනීම සඳහා මිලෙන් අධික මෙවලම් සහ උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන්නේ ලොකු තුවායක් සහ පැතලි මතුපිටක් පමණයි.
ීය්රු
ඉන ප්‍රදේශයේ සහ ශරීරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කරගැනීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම ඵලදායි ව්‍යායාමයක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්.

ක්‍රියා පිළිවෙල

1. තුවායක් රෝල් කොට හොඳින් තදවී සිටින ලෙස ටේප් එකකින් ඔතා ගන්න.

2. බිම හිඳගන්න.

3. ඉහත ආකාරයට රෝල් කරගත් තුවාය බුරිය කෙලින් තුනටියට පිටුපසින් තබාගෙන ඒ මත ඇලවෙන්න. එම තුවායේ පළල ඔබේ ඉන ප්‍රදේශයේ පළලට වඩා වැඩිවිය යුතු බව හොඳින් මතක තබාගන්න.

4. දැන් ඔබේ උරහිසේ ප්‍රමාණයට කකුල් පළල් කරගෙන කකුල් දෙකේම මහපට ඇගිලි එකිනෙකට ස්පර්ශ කරන්න. ඒ විදියටම හිසට ඉහලින් අත් දෙකද දිගු කරගෙන සුලැගිලි දෙකද එකට ස්පර්ශ වන ලෙස තබාගන්න.

මෙය සරල ක්‍රමවේදයක් සේ පෙනුනත් එම ඉරියව්වෙන් මද වෙලාවක් සිටින විට ඔබට අපහසුතාවයක් දැනේවි. නමුත් හොඳ ප්‍රතිපලයක් ලබාගැනීමට නම් අඩුම තරමේ මිනිත්තු පහක්වත් ඔබ මෙම ඉරියව්වෙන් සිටිය යුතුයි. දිනකට 3න් වතාවක් පමණ මෙය සිදුකරන විට ඔබ නොදැනීම ඔබේ ශරීරයේ අනවශ්‍ය බර ඉවත්ව යාවි.

අවවාදයයි - ඔබේ කශේරුකාවේ හෝ අස්ථි වල යම් දෝෂයක් තිඛෙනවානම් මෙම ක්‍රමවේදය භාවිතා කිරීමට ප්‍රථමව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්නට අමතක කරන්න එපා.

Courtesy : nodutulokaya


More News »