අක්මාව පිරිසිඳු කරන, වකුගඩු ගල් දියකර හරින, පිළිකා සයිල නසන තේ පානය.

2016-03-03 10:02:00       678
feature-top
ප්‍රති ප්‍රදාහක, ප්‍රති බැක්ටීරියාකාරක සහ ප්‍රති වයිරසකාරක ගුනාන්ගයෙන් සමන්විත වීම නිසා ලොව ඇති බලවත්ම ආහාරයන්ගෙන් එකක් ලෙස ඉගුරු හැඳින්විය හැකිය. එපමණක් නොවෙයි ඔබගේ ශරීරයට ඉතාමත්ම වැදගත් වෙන විටමින් සී, මැග්නීසියම් සහ තවත් ඛනිජ ගණනාවක්ම එහි අන්තර්ගතව තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එම නිසා ජීරණය සහ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරගැනීමට, වේදනාව සමනය කරගැනීමට සහ හර්දවාහිනී රෝග වලට එරෙහිව සටන් කිරීමට වගේම ඇදුම රෝගයට සහ තවත් සෞඛ්‍යය තත්වයන් ගණනාවක්ම සමනය කරගැනීම සඳහා ඉගුරු භාවිටහ කරන්නට පුළුවන්.

ඉහත සඳහන් කරනලද සියලුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔබ කලයුතු වන්නේ ඉගුරු භාවිතා කරමින් සකසන ලද තේ එකක් පානය කිරීම පමණයි. එමගින් ලැඛෙන තවත් සෞඛ්‍යය ප්‍රතිලාභයන් රැසක් ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
ීය්රු
1. සෙම්ප්‍රතිශ්‍යාව සහ එන්ෆ්ලුවෙන්සා වැනි වෛයිරස් රෝගයන් වලට ඉතාමත්ම හොඳින් ප්‍රතිකාර කරනවා.

2. හදවත සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට වගේම හදිසි ආබාදයන් ඇතිවීමට ඇති අවදානම් තත්වය අවම කරගැනීම සඳහාත් ඵලදායකයි.

3. ඉගුරු තේ වල වේදනාව සමනය කරන ගුණාංගයක් ඇතිනිසා හිසරදය සහ මස්පිඩු වලින් දැනෙන වේදනාව ක්ෂණිකව පහව යනවා.

4. ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමේ සහ ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඉගුරු තේ වලට ලැබී ඇත්තේ, එහි ප්‍රති ඔක්සිකාරකයන් බහුලවම ඇති නිසාවෙනි.

5.  ඔබේ ශරීරය උණුසුම් කිරීමේ හැකියාවක් ඉගුරු තේ වලට ඇති නිසා රුධිර සංසරණය වැඩිදියුණු වී, වෙනදාට වඩා හොඳින් ශරීරයේ ඇති සෑම ඉන්ද්රිය්යකටම ඔක්සිජන්, විටමින් සහ ඛනිජ වැනි පෝෂකයන් ලැඛෙනවා.

ඉගුරු තේ වට්ටෝරුව
අවශ්‍ය කරන ද්‍රව්‍ය

මීපැණි
සිහින්ව කපාගත් ඉගුරු තේ හැඳි 1/4
කහකුඩු තේ හැඳි 1/4
පොල්කිරි
වතුර කෝප්ප 1

සකසන ආකාරය

මෙම පානය සකසාගැනීම ඉතාමත්ම පහසුයි. පළමුව වතුර රත්කොට ඊට ඉගුරු සහ කහකුඩු එකතු කොට මිනිත්තු 7ක් 10ක් මදගින්නේ රත්කරගන්න. ඉන් පසුව ඊට කිරි ස්වල්පයක් එකතු කොට පෙරාගන්න. එම පානය රසවත් කරගැනීම සඳහා මීපැණි ස්වල්පයක් වුනත් එකතු කරගන්නට ඔබට පුළුවන්.

විශ්මිත ගුණදෙන මෙම පානය නිතර පරිභෝජනය කරනවානම් ඔබට ඔබේ සෞඛ්‍යය තත්වය හිතකර ලෙස පවත්වා ගෙන යන්නට හැකියාව ලැබේවි.

Courtesy : nodutulokaya

More News »