පසුම්බිය නිසා ඔබට ඇතිවිය හැකි සෞඛයමය ගැටලු

2016-03-02 02:30:00       700
feature-top
ඔබගේ කොන්ද හා තට්ටම් ආශ්‍රිත වේදනාවට හේතුව බොහෝවිට ඇත්තේ කලිසමේ පිටුපස සාක්කුවේ විය හැකියි. කොන්ද හා දෙකකුල් ආශ්‍රිත වේදනාවට බොහෝ හේතු තිඛෙන්නට පුළුවන්. නමුත්, අපි අද මේ කතාකරන්නට මාතෘකාවට බොහොමයක් වේලාවට බඳුන්වන්නේ පිරිමි පාර්ශවයයි. එයට හේතුව වන්නේ වැඩි සිතා බැලීමකින් තොරව පහසුව සදහා පුරුද්දක් ලෙස තම මුදල් පසුම්බිය, පසුපස කලිසම් සාක්කුවේ රඳවාගෙනම එදිනදා කටයුතු වල නිරත විමට පුරුදුව සිටිමයි.

පසුපස සාක්කුවේ රඳවන මුදල් පසුම්බිය, කොන්ද කැක්කුම ඇතිකරවන්නට හේතුව?
නිදාසිටීම, ඇවිදීම හැරුණු කොට අපි දවසෙන් බොහෝ වේලාවක් ගතකරන ඉරියව්ව වන්නේ හිඳගෙන සිටීමයි. ඉහත පෙන්වා ඇති ආකාරයට සිරුරේ බර මාධ්‍ය අක්ෂය දිගේ සමබරව ඛෙදී යාම, මෙම මුදල් පසුම්බිය රදවාගැනීම නිසා අසමතුලිත වනවා. මේ නිසා එය රඳවා තිඛෙන පැත්තෙහි ඇති ර්‍ණචසරසදෙරපසි කියන මාංශ පේශිය ඝන විමකට ලක්වෙනවා. එය හරහා හෝ එයට පිටුපසින් ගමන් කෙරෙන ර්‍ණිජස්එසජ කියන ස්නායුව මේ නිසා ඝනවීමත් සමග තෙරපුමට ලක්කෙරෙනවා. මෙම ස්නායුව කොන්දේ පහළ ප්‍රදේශයෙන් ආරම්භවි කලව ප්‍රදේශය හරහා ගමන් කර දණහිස සන්ධියේදි ඛෙදී ගොස් මුළු පාදයටම ස්නායු උත්තේජන සපයන ස්නායුවත් එම ස්නායුව තෙරපුමට ලක්විම නිසා නිරන්තර කොන්ද වේදනාව හටගන්නවාට අමතරව, උකුල් ඇට (්‍යසච ඉදබැි) ආශ්‍රිතව දීර්ඝ කාලීනව ඇතිවී ඇති වැරදි ඉරියව් නිසා එම අස්ථි කූඩුවේ සමතුලිතතාවයද බිඳවැටීමකට ලක්වෙනවා. මේ නිසා වේදනාවට අමතරව කශේරුකාව ආශ්‍රිත වෙනත් රෝගී තත්වයන්ද ඇතිවීමේ අවදානමක් ඇතිවෙනවා. වේදනාව පමණක්ම නොවෙයි, කකුල් හා තට්ටම් හිරිවැටීම, ඉඳිකටු ඇනෙනවා මෙන් දැනෙන සියුම් කැක්කුමත්, මෙහිදී ඇතිවන අනෙකුත් ලක්ෂණයි.


මෙම තත්වය ඇතිවිමට බලපාන වෙනත් හේතු තිඛෙනවාද?
ඔව් මෙම හේතුවට අමතරව

හිඳ ගැනීමේ ඉරියව් වල ඇති වැරදි
දීර්ඝ වේලාවක් හිදගෙන සිටින රාජකාරි වල යෙදීම
ව්‍යායාම හා නම්‍යශිලිතාවය අඩු බව
ඉතා මෘදු මෙට්ට භාවිතා කිරීම
අඩි උස පාවහන් පැළඳීම

වැනි අප විසින් එදිනදා ජිවිතයේදී ඇතිකරගන්නා පුරුදු හා ක්‍රියාකාරකම් නිසාත් මෙම ිජස්එසජ ස්නායුව ආශ්‍රිත රෝගී තත්වයන්ට ගොදුරු වන්නට පුළුවන්

ඒ වගේම කශේරුකා කුහරය සිහින් විම :ීඑැබදිසි දෙ එයැ ිචසබ්ක ජ්බ්ක-
කශේරුකා වල දුර්වලතාවයන් හටගැනිම හා බිදවැටිම :ෘැටැබැර්එසඩැ ාසිජ ාසිැ්ිැ-
කශේරුකා සාමන්‍ය පිහිටීමෙන් මදක් ලිස්සිම :ිචදබාහකදකසිඑයැිසි-
මෙන්ම ගර්භණි අවධියේද මෙම ස්නායු තෙරපුම ඇතිවන්නට පුළුවන්

මෙම තත්වය සුව කරගන්නේ කෙසේද?
අනිවාර්යයෙන්ම පිටුපස සාක්කුවල පසුම්බිය, යතුරු, වැනි දෑ රැදවීම සිදුනොකල යුතු වනවා.

මීට අමතරව තත්වය තරමක් උඩුදුවා ඇත්නම්, ඝනවී ඇති පේශි තන්තු ඉහිල් කරවීම සඳහා වන ප්‍රතිකාර ක්‍රම වගේම ව්‍යායාම සදහා යොමුවීමද, ඔබට වෛද්‍ය උපදෙස් හා පරීක්ෂණ නිගමනයන්ට පසුව හැකිවනවා.

එදිනදා කටයුතුවලදී නොදැනුවත්කම නිසා ඇතිවන මෙවන් ගැටලු නිරාකරණය කරගෙන, දිනපතා ජීවිතය වඩාත් සෞඛ්‍ය සම්පන්නව ගත කරන්නට මෙම ලිපිය යම් උපකාරයක් වන්නට ඇතැයි සිතමු.

Courtesy : adadawasa.com


More News »