මේ දිනවල සම වියළෙනවා වැඩියි

2016-03-02 02:28:00       673
feature-top
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් විවිධ අපහසුතාවලට මුහුණපාන්න සිදුවෙනවා. මේ අතරින් සමේ ඇතිවන පීඩාකාරී තත්ත්වවලට ඔබ මුහුණදෙන්නේ කෙසේද?

සම වියළීම
සමේ පොතු ගැලවීයෑම
මුහුණේ තැනින් තැන සුදු පැහැති පැල්ලම් ඇතිවීම
මුහුණ රතුවීම හා දැවිල්ල ඇතිවීම වැනි ලක්‍ෂණ දැකිය හැකිය.

මෙවැනි තත්ත්ව ඇත්නම් මෙතෙක් ඔබ භාවිත කළ ද්‍රව්‍ය තාවකාලිකව නැවැත්වීම වඩාත් සුදුසුයි.

පිරිසුදුකාරක භාවිතය
මුහුණට ගැළපෙන සමේ තෙතමනය රදා පවතින පිරිසුදු කාරකයක් යොදා ගන්න. තෙල් සහිත සමක් හිමි අය දැනට භාවිත කරන පිරිසුදු කාරක නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. මේ කාලයේදී සමේ තෙතමනය ඉවත් කරන පිරිසුදුකාරකවලින් තාවකාලිකව ඈත් වන්න. ඒ වෙනුවට මුහුණ පිරිසුදු කිරීමට සුදුසු වියළි සම සඳහා විශේෂ වූ පිරිසුදුකාරකයක් යොදා ගන්න.

ක්‍රීම් වර්ග භාවිතය
සමේ තෙතමනය රඳවා ගන්නා ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න. එය තමාගේ සමට ගැළපෙන ක්‍රීම් වර්ගයක් විය යුතුයි. ඉතා වියළි සමක් ඇත්නම් වැඩි වේලාවක් සමේ රදා පවතින ක්‍රීම් වර්ගයක් තෝරා ගන්න. නිතර කුරුලෑ ඇතිවෙයි නම් ගනකම අඩු ක්‍රීම් වර්ගයක් තෝරා ගන්න. මෙම ක්‍රීම් දිනකට කීපවරක් වුවත් ආලේප කළ හැකියි.

ස්ක්‍රබ්
ස්ක්‍රබ් කිරීමත් තාවකාලිකව නැවැත්වීම සුදුසු වන අතරම එමගින් සමේ මැරුණු ෙසෙල ඉවත්වීම සමට හානි ගෙන දෙයි. එමෙන්ම තෙල් රහිත වියළි සමට ගැළපෙන ටෝනර් එකක්ද ආලේප කරන්න.

හිරු එළිය
හිරු එළියෙන් සම ආරක්‍ෂා කරන තොප්පි කුඩ වැනි ආවරණ භාවිත කරන්න. වියළි සම හිරු එළියට නිරාවරණය වීමෙන් සමට ඇති අවදානම පාලනය කරගන්න.

සමේ ආරක්‍ෂාව
සම අධිකව වියළීමට ලක්වන නිසා සම පිරිසුදු කිරීමටද මෘදු පිරිසුදුකාරක යොදා ගන්න. ශරීරයේ ගැල්වීමට සුදුසු ක්‍රීම් වර්ග නිතරම සම පිරිසුදු කළ පසුව ගැල්වීම වඩාත් සුදුසුයි. තද උණු ජලයෙන් පිරිසුදු කිරීමෙන් සම තවත් වියළි වෙයි. ඇල් මැරුණු ජලයෙන් හෝ සාමාන්‍ය ජලයෙන් ඇග සෝදා ගන්න.

වායුසමීකරණයේ බලපෑමට
දවස පුරාම වායුසමීකරණ කාමර තුළ සිටින අයගේ සම අධිකව වියළි වන නිසා විශේෂයෙන්ම ඒ සදහා සුදුසු ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න - ශාලිකා රංගනී සමරදිවාකර - මව්බිම පුවත්පත.

Courtesy : adadawasa.com

More News »