ඔබ කම්මැලිව සිටින විට අතෙහි ඇගිලි පුරුක් වල ඇට කැඩීමට පුරුදුව සිටීද? ඔබ මෙය දන්නේ නම් තව දුරටත් එය සිදු නොකරනු ඇත

2016-03-02 02:26:00       672
feature-top
ඔබ අප මෙන්ම බොහෝ දෙනා කම්මැලි වෙලාවට මෙලෙස ඇට කැඩීමට පුරුදුව සිටී. සමහරු මෙය තරගයට සිදු කරයි. නමුත් ඔබ කිසි දිනෙක සිතුවේද මෙලෙස ශබ්දයක් ඇති වන්නේ කෙසේද? එයින් සිදුවන හානිය කුමක්ද කියා. එය මෑතක් වන තුරුත් සොයා ගෙන තිබු කරුණක් නොවීය.

මෙම ක්‍රියාවලියෙන් එකක් ඔබට ශබ්දයක් ඇසේ. එමෙන්ම මෙය සමහරුනට ආශ්වාදජනක ක්‍රියාවලියකි. එත් සමග මෙය සිදුකල පසු අතේ චලන හැකියාව වැඩි වී ඇති බවද අපට හැගේ. නමුත් මෙය සත්‍යක්ද?

මෙලෙස සිදුවන්නේ ඔබේ සන්ධි අතර පවතින තරලයෙහි රික්තකයක් ලෙස වාතය පිරි කුහරයක් ඇතිවීමෙනි. ඔව් මෙය ඇසු විට ඔබ පුදුම වනවා මෙන්ම මෙය සොයාගත් අවස්ථාවේ එම විද්‍යාඥයින්ද පුදුමයට පත්විය. මෙහදී ඔබ ඔබේ ඇගිලි චලනය කරන විට එම අදාල දිශා වලින් එම කුහරයේ සම්බන්ධතාවය නැතිවී යයි. පසුව මෙය තහවුරු කර ගැනීමට ග්‍රෙග් කවුචක් නම් පුද්ගලයා තමාගේම ඇගිලි භාවිතයෙන් එම් ආර් අයි ස්කෑනයක් සිදුකලා. ඔවුන් මෙය ෆෝර්ස් මයි ෆින්ගර් අධ්‍යනයක් ලෙස නම් කලා. එයට හේතුව පුද්ගලයෙකු එම් ආර් අයි යන්ත්‍රයක් භාවිතාකර තමාගේම ඇගිලි ඇද ගැනීමක් සිදුකල හෙයින්ය.

පසුව ඔවුන් මෙම පර්යේෂණය සදහා හාවෙකු භාවිතා කල අතර ඌ නමින් ජෙරොම් ෆ්රයර් විය. පසුව මෙම රට හාවාගේ ඇගිලි ටියුබයක් හරහා සම්බන්ධ කර ඇදීමකට ලක් කිරීය. එත් සමගම මේ සියලු සිදුවීම් එම් ආර් අයි යන්ත්‍රයේ සටහන් කරගත්හ. සිදුවන දේ පිලිබදව ඔවුන් පුදුම විය. සිදු වන්නේ ඇගිලි අදින විට ඇතුළත රික්තකයක් වැනි කුහරයක් සෑදීමය. මෙම සෑදෙන කුහරය උත්සහ කරන්නේ ඈත්වූ සන්ධියෙහි වූ පරිමාව සන්ධිය හැකිලුනු වෙලාවෙ පවතින ප්‍රමාණයෙන් පුරවා ගැනීමටය. මෙලෙස එකවර සිදුවන ක්‍රියාවලියත් සමගම ශබ්දයක් නිකුත් වේ. අප ඇට කඩන විට ඇති වන්නේ එම ශබ්දයයි.

ඔවුන් පවසන පරිදි මෙසේ සිදුකිරීම නිසා සන්ධි ඉදිමුමකට ලක්වේ. මෙයට හේතුව මේ වන විටත් ඔවුන් සොයමින් පවතී. නමුත් දීර්ග කාලීන ලෙස මෙලෙස සිදුකිරීම නිසා සන්ධි වලට හානි පැමිණ විය හැකිය. එම නිසා නිතරම පාහේ ඇගිලි වල ඇට කැඩීමෙන් වැළකිය යුතුය.

Courtesy : adadawasa.com

More News »