ඔයාගේ පියයුරුවලට හා කකුල්වලට ගෝවා කොළ දමා නිදාගත්තොත් මොකද වෙන්නේ

2016-03-02 02:17:00       680
feature-top
ගෝව කොළ යනු ඉදිමුම් වේදනාවන් එක රාත්‍රියකින් නිට්ටාවටම සුව කරන බලැති ඖශධ්යකි. සම්පුර්ණ ප්‍රතිපල ලැබීමට නම් එය නිසි පරිදි භාවිතා කල යුතු අතර එය නිවැරදි භාවිතා කරන අයුරු අද දවසින් ඔබට....

ගෝව කොළ ඉන්ධන නිපදවීමට සහ ආහාර සදහා භාවිතයට අමතරව විශාල වශයෙන් ලෙඩ රෝග නිවාරණයට භාවිතා කලහැකි ඖෂදයකි. මෙයට විශේෂිත ලෙඩරෝග කීපයක්ම සුවකිරීමේ හැකියාව පවතී. දියවැඩියාවෙන් පටන් ගත්තාම හෘදයාබාධ තත්වයන් දක්වා නොයෙකුත් තොරාගත් ලෙඩරෝග කීපයකට බලවත් ඖශධයකි. මෙයට රෝග ඇතිවීම වළක්වනවා මෙන්ම ඉදිමුම් සහ තුවාල වැනි සිදුවී ඇති ගැටළු සදහාද පිලියමක් ලෙස භාවිතා කල හැක.

1. වේදනාව නැතිකිරීමට
ගෝවා කොළ මගින් වේදනාව සමනය කරනවා මෙන්ම ඉදිමුම් තත්වයක් නම් එම තත්වයද මග හරවා දෙනවා. මිසසුරි විශ්වවිද්‍යාලයේ අධ්‍යනයකට අනුව ගෝවා කොළ තුල ඉදිමුම් අසාදන තත්ව වලට එරෙහිව ක්‍රියා කල හැකි ගුණ පවතින බව සොයාගෙන ඇත. ඔබට සමාන්‍ය තත්වයේ වේදනාවකට ගෝවා කොළ වෙළුමක් ලෙස එම අදාල ස්ථානයට භාවිතයට ගත හැක. ඒ සදහා ඔබ කල යුතු වන්නේ,

ගෝව කොළ කීපයක් ගෙන ඒවා හොදින් සෝදා වේලාගන්නග
වෙලාගත් ගෝව කොළ වේදනාව ඇති ස්ථානයෙන් තබන්නග
පසුව වෙළුම් පටියක් ගෙන එය සිරවී සිටින පරිදි ඔතන්නග
මෙලෙස සම්පූර්ණ රාත්‍රියක් සුව වීමට තබන්න. පසුදා උදෑසන සිදුවී ඇති දේ බලන්න.


2. හෘද රෝග ඇතිවීම වැලක්වීමට
රතු ගෝවා කොළ වල ඇන්තොසයනින් නම් ඉදිමුම් තත්ව මගහරවන වර්ණකයක් සොයාගෙන ඇත. එසේම ගෝවා කොළ විවිධ මට්ටම් වල පවතින පොලිෆීනොලද අන්තර්ගතය. මෙයට රුධිර පීඩනය සහ හෘද රෝග ඇතිවීම පාලනය කල හැකිය. එසේනම් හෘද රෝග පාලනය සදහා අවශ්‍ය ඛෙහෙත් වට්ටෝරුව නම්,

ගෝවා හැකි තරම් කාලයක් මේරීමට තබන්න
දිනපතා පිසින ලද ගෝවා කොල මේස හැදී දෙකක්වත් අවම වශයෙන් භාවිතා කරන්න.

සලාද කොළ වෙනුවට ගෝව කොළ සලාදය ලෙස භාවිතා කරන්න.
දිනකට ගෝවා යුෂ වීදුරුවක් වත් පානය කරන්න.

එසේම ගෝවා කොළ වල ආහාර මාර්ගයේ ප්‍රශ්න සහ ආහාර දිරවීම සම්බන්ධ ගැටළු සදහාද ඛෙහෙවින් උපකාරී වේ. ගෝවා කොළ තුල ප්‍රෝබයෝට්ක්ස් අඩංගු වේ. එමගින් ආහාර වල ඇති විටමින් වර්ග සහ ඛනිජ ලවණ අවශෝෂණය වේගවත් කරයි. එසේම මෙහි අන්තර්ගත විවිධ එන්සයිම ආහාර මාර්ගය ඔස්සේ ආහාර පහලට ගමන් කිරීම පහසු කරයි.

හැකි හැමවිටම අමුවෙන් අනුභව කරන්න. එය මලබද්දය ඇතිවීම වලක්වයි.

ගෝව ජුස් විදියට පරිභෝජනයෙන් උදරයේ ඇතිවන තුවාල වලට සහ පාචනය ඇතිවීම වලක්වයි.

3. දියවැඩියාව පාලනයට
ගෝවා කොල වලට සීනි උරා ගැනීමේ හැකියාවක් පවතී. එම නිසා දියවැඩියාවේ මුලික අවදියේදී සිටින රෝගීන්ට මෙන්ම දෙවන අදියරේ සිටින රෝගීන්ටද උපකාරී වේ. එසේම ගෝවා තුල වැඩිපුර තන්තු පවතී. එම තන්තු මගින් රුධිරයේ ග්ලුකෝස් අවශෝෂණය කරගනී. එමගින් රුධිර ග්ලුකෝස් මට්ටම පාලනය කර ගත හැක. මීට අදාල වට්ටෝරුව නම්

දිනකට තුන් වතාවක් වත් ගෝවා කොළ ප්‍රධාන ආහාර වේලට අමතරව අනුභව කල යුතුය.

දිනකට දෙවතාවක් වත් ගෝවා යුෂ පානය කල යුතුය.
ගෝව කොළ අනුභවයෙදී ඔබට අමුවෙන් අපහසු නම් තරමක් දුරට තම්බා ආහාරයට ගන්න.

4. තුවාල සුව වීම වේගවත් කරයි
ගෝවා කොළ තුල පවතින විශේෂම හැකියාවලින් එකක් තමයි තුවාල සුවවීම වේගවත් කිරීම. තුවාල සුවකිරීම සදහා පිළියෙළ කල හැකි ගෝවා කොළ ඛෙහෙත් වට්ටෝරුව

ගෝව කොලයක් ගෙන හොදින් සෝදා එය වේලාගන්න.
අනතුරුව ගෝවා කොළ හොදින් තැලෙන පරිදී එය සකසා අවශ්‍ය ප්‍රමාණයට කුඩා කොටස් වලට කපා ගන්නග
අවසාන වශයෙන් මයික්‍රෝවෙව් උදුනක බහා විනාඩියකට අඩු කාලයක් රත් කරන්න.
මෙය මුලදී සෑම පැයකට වරක්ම අලුත් කර කර තුවාලයෙන් තැබිය යුතු අතර පසුව පැය 5-6 කට සැරයක් මාරු කරන්න.

එසේම ගෝව කොළ මගින් නියපොතු ඇතුලත තුවාල වීම නිසා සෑදෙන සැරව ඉවත් කිරීමටද භාවිතා කල හැක. මේ අනුව බලන කල අප නොදැනුවත් ව වුවත් පරිභෝජනය කර ඇත්තේ ඉතා වටිනා ආහාරයක් ය. මෙය තනිවම හෝ මිශ්‍රණයක් ලෙස වුවද භාවිතයෙන් අවශ්‍ය කරන ප්‍රතිපලය ලබා ගත හැකිය.

Courtesy : adadawasa.com

More News »