කාන්තාවන්ට මානසික ප්‍රශ්න ඇතිවෙන ප්‍රධාන හේතු 3

2015-11-17 10:06:00       812
feature-top
බියකාන්තාවන්ට ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ගැටලු ඇතිවෙයි. මානසිකව වියවුල්භාවයට පත්වෙයි. විවාහය බිඳවැටෙයිදෝ යන බිය, පවුල් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමේ බිය, තවත් කාන්තාවක් සැමියාගේ ජීවිතයට ඇතුළු වේදැයි යන බිය, ආර්ථික ස්ථාවරත්වයක් නැතිවීම නිසා ඇතිවන බිය, සමාජයේ ඇතිවන විවිධ කටකතා මත වැරැදි හෙළිදරව් වේදැයි යන බියෙන් පසුවීම ආදිය මෙහිදී වැඩි බලපෑමක් කරයි.

බිය
කාන්තාවන්ට ජීවිතයේ බොහෝ අවස්ථාවලදී ගැටලු ඇතිවෙයි. මානසිකව වියවුල්භාවයට පත්වෙයි. විවාහය බිඳවැටෙයිදෝ යන බිය, පවුල් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑමේ බිය, තවත් කාන්තාවක් සැමියාගේ ජීවිතයට ඇතුළු වේදැයි යන බිය, ආර්ථික ස්ථාවරත්වයක් නැතිවීම නිසා ඇතිවන බිය, සමාජයේ ඇතිවන විවිධ කටකතා මත වැරැදි හෙළිදරව් වේදැයි යන බියෙන් පසුවීම ආදිය මෙහිදී වැඩි බලපෑමක් කරයි.


විශේෂයෙන්ම විවාහයට පත්වීමට බලාපොරොත්තු වන කාන්තාවන් බොහෝ විට බියෙන් තැවෙන්නේ පෙර ආදර සබඳතා හෙළිදරව් වේ යැයි යන බියෙනි. මුහුණුපොතේ පින්තූර හා තම පෙම්වතා යැවූ හසුන් ආදිය හෙළිදරව් වේ යැයි බියෙන් පසුවීම කාලයත් සමඟ සිතේ පැවැතීමෙන් එය මානසික රෝගයක් බවට පත්විය හැකියි.


මෙවැනි හේතූන් නිසා ඔබ මානසිකව පීඩාවට පත්ව ඇත්නම් පළමුව මානසික ගැටලු සම්බන්ධ සාකච්ඡා කළ හැකි වෛද්‍යවරයකු හමුවී තම බිය පිළිබඳ ගැටලු සාකච්ඡා කරන්න. නැතිනම් බියත් සමඟ මානසික අවපීඩන (ඤඥනපඥඵඵඪධද) තත්ත්ව ඇතිවීමට පුළුවන. මානසික රෝග සිත තුළ පමණක් තබා සිටීමෙන් එය මානසික රෝගයක් බවට පත්වීමට හැකියි.


අධික රුධිර පීඩනය හා කාන්තාවන්ගේ හෝමෝන චක්‍රය අක්‍රමවත් වීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වැනි සෞඛ්‍ය ගැටලුවලටද මුහුණපෑමට සිදුවෙයි. මෙවැනි ගැටලු නිසා විවිධ වේදනා නාශක ඖෂධ ගැනීමටද ඇතැමුන් පෙලැඹී සිටියි. එලෙස ඖෂධ වර්ග ගැනීම නිසා සිරුර උණුසුම් කරවන අතරම බෝ නොවන රෝග රාශියකට අතවැනීමට මෙය ප්‍රබල හේතුවකි.
රෝග සැඟවීම
විටින් විට ඇතිවන ලෙඩ රෝග තත්ත්ව තම සැමියාගෙන් වසන් කරන්නේ එය ඔවුනට කරදරයක් වේ යන සිතුවිල්ලෙනි. නමුත් මෙලෙස රෝග සැඟවීම නම් සැමියන් ප්‍රිය කරන්නක් නොවේ.


අවුරුදු 35-45 වන විට දියවැඩියාව වැනි රෝග වැලඳුනහොත් එය බොහෝ විට ජීවිත කාලයේම පවතින නිසා ඖෂධ වර්ගද ගැනීමට සිදුවෙයි. නිවෙසටම සීමාවී සිටින කාන්තාවන් කාර්යාලයට යන සැමියා දෙස බලන්නේ සැකයෙනි. කාර්යාලයේ කාන්තාවන් තම සැමියාට සමීප වන්නේදැයි අනියත බියක් මොවුන් තුළ නිතැතින්ම ඇතිවෙයි. තමාට වඩා ඒ කාන්තාවන් ආකර්ෂයව සිටිනු දැකීමත් ඊර්ෂ්‍යාවක් ඇතිවීමට හේතු විය හැකියි. මෙවැනි මානසික තත්ත්ව හේතුවෙන් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවන නිසා අවුරුදු 45-50 වන විට කොන්දෙ අමාරු, ඉණ ආශ්‍රිත වේදනාකාරී තත්ත්ව හා ගර්භාෂ ඉවත් කිරීමේ ගැටලුද ඇතිවිය හැකියි.


ලංකාවේ කාන්තාවන් මෙවැනි ප්‍රශ්නවලට මුහුණදෙන ආකාර 3කි
ඩ්ඳි ඇතැම් කාන්තාවන් ජීවිතයේ ප්‍රශ්න විසදාගැනීමට නොපෙනෙන දෙවියන් අදහමින් දේවාල කපු මහත්වරු ආදීන් පසුපස යමින් විසඳුම් සොයයි. කාන්තාවන් මෙය පවුලේ යහපැවැත්මට යැයි සිතුවද එවැනි කාර්යයන්වල වැඩි වේලාවක් නිරත වනවාට නම් ස්වාමිපුරුෂයා එතරම් කැමැත්තක් නොදක්වන නිසා එය පවුලේ ගැටලු ඇතිවීමටද හේතුවිය හැකියි.
ඩ්ඳි ප්‍රශ්න මිතුරියන් සමඟ කතා කිරීම ගැටලු විසඳීමට වඩා තවත් ප්‍රශ්න රාශියකට මුලපිරීමක් වෙන්නත් පුළුවන්. ස්වාමිපුරුෂයන් මෙවැනි දේවලටත් වැඩි කැමැත්තක් නැත.


ඩ්ඳි පෙති වර්ග ගැනීම, සාස්තර ඇසීම හා සැමියාට නොදන්වා මානසික රෝගවලට ඖෂධ ගැනීම වැනි කාරණාද ප්‍රශ්න ඇතිකරවන තවත් සිදුවීම්ය. මෙවැනි වැරැදි ක්‍රියා ඔබේ ජීවිතයෙන් ඈත් කිරීමට වගබලා ගන්න.
සැකය
දෙවැනි කාරණය වන්නේ සැකයයි. තම සැමියා සැක කරන්නෙ ඔහු කාර්යාලයේ හෝ වෙනත් පිටත සමාජ හා ආශ්‍රය කරන නිසයි. නිවෙසින් බැහැරව ගිය සැමියා නිවෙසට ඒමට ප්‍රමාද වූ විටත් කිසිත් නොඅසා සැක කරන්නේ මෙවැනි මානසික තත්ත්ව හේතුවෙනි. සැමියා පිළිවෙළට කඩවසම් ලෙස ඇඳ සිටීමත් ඇයට සැකය ඇතිවන තවත් හේතුවකි. ජීවිතයේ වෙනසක් අත්දකින්න යැයි සිතා යෝගා කිරීම, සවසට ඇවිදීම වැනි දේද ඇයගේ සැකයට හේතු විය හැකියි. නමුත් පවුල් ගැටලුවලට මේ හේතුන් බලපා ඇත.


සංකාව
තම සැමියාගෙන් හැම විටම වර්ණනාවක් හෝ හොඳ නමක් ඇසීමට කාන්තාවන් කැමැත්තක් දක්වයි. හැම විටම කාන්තාවන් ධනාත්මක දෙයක් බලාපොරොත්තු වෙයි. තම සැමියා පිටතදී ඔහුගේ යහළුවන් සමඟ බිරියගේ ගුණ වර්ණනා කරනු ඇතැයි හැම විටම බලාපොරොත්තු වීමත් එය එසේ සිදු නොවූ විට කනස්සල්ලට පත්වීමෙන් ඇයගේ ඍණාත්මක මානසිකත්වයේ ලක්‍ෂණයකි. තම පවුලේ මවුපියන් ගැන සැමියා වැඩි සැලකිලිමත් බවක් දැක්වීම වැනි දේද ඇය අපේක්‍ෂා කරයි.
රෝගවලටද හේතුවක්
ස්නායු දුර්වලතා හා කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැනි බෝ නොවන රෝග අවදානමට මෙවැනි මානසික තත්ත්ව බලපාන බව නිසැකයෙන්ම කිව හැකිය. මානසික තත්ත්වය වියවුල් තත්ත්වයට පත්ව එදිනෙදා කටයුතුවලට බාධාවක් ඇතිවන බව හැඟෙයි නම් වහාම විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න.


මානසික ගැටලු නිසා වන අතපසුවීම් හේතුවෙන් පවුලේ ආර්ථිකයටද ගැටලු ඇතිවීමට පුළුවන. නිසි කාලයේදී ඉතුරුම් හා රක්‍ෂණ ක්‍රමවලට ගොස් කළමනාකරණ කරන්නේ නම් ඔබට හදිසියේ ඇතිවන මානසික වියවුල් තරමකට හෝ පාලනය කරගන්න හැකි වෙයි.

Courtesy : thinetha.com

More News »